විශේෂාංග

සක්විතිගේ සම්මුඛ සාකච්ඡාව නිසා චතුරට නඩු වැටෙන ලකුණු….!

අද දෙරණ 24 හෝ TV දෙරණ නාලිකා ඔස්සේ විකාශය නොකොරණ ලද talk with CHATURA වැඩසටහනට අබේ රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර නොහොත් සක්විති රණසිංහ මහතා ගෙන්වා ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා එය යූ ටියුබ් හරහා මුදා හැරීම සම්බන්ධයෙන් මේවන විට විශාල ආන්දෝලනයක් ඇතිව තිබේ.

මේ සම්මුඛ සාකච්ඡාවත් සමඟ තවමත් අධිකරණය ඉදිරියේ වරදකරුවකු නොවී සිටින සක්විතිට ඉන් ගැලැවීමට කදිම අවස්ථාවක් ලබාදී ඇතැයි නීති විශාරදයෝ කියති.

එසේම ඔවුන් පෙන්වාදෙන්නේ අදාළ වැඩසටහන පාපොච්චාරණයක් ලෙස යොදා ගැනීම හා එයට විශාල ප්‍රචාරණයක් ලබාදීම අධිකරණ කටයුතුවලට බාධාවක් වීමට ඉඩ ඇති බවයි.

මෙය චතුර අල්විස් නැමැති නිවේදකයා විසින් අධිකරණයට සිදු කළ අපහාසයක් බවද ඔවුන් කියති.

රුපියල් කෝටි 162කට අධික මුදලක් වංචා කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් වසර 9කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මේ සැකකරු ඇප මත මුදා හැරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියෝග කළේ පසුගිය 10 වැනිදාය.

මහජන මුදල් රුපියල් කෝටි 162කට අධික මුදලක් ලබාගෙන මුදල් සමාගම් පනතට පටහැනි ලෙස මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එලිලවී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩු තුනක් පවතින අතර ඉන් එකක හෝ මෙතෙක් නඩු විභාග ආරම්භ වී නොමැති අතරම ඔහු විසින් වංචා කළ මුදල් මෙතෙක් සොයා ගැනීමටද නොහැකි වී ඇති අතර සක්විති අදාළ මුදල් ඔහුගේ මූල්‍ය කළමනාකරණයේ වරදින් විනාශ වූ බව කියා සිටී.

“මම ඇන්ඳීමට උපන්නෙමි”

මේ අතර එම සම්මුඛ සාකච්ඡාවෙදී අබේ රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර නොහොත් සක්විති රණසිංහ කියා සිටින්නේ තමා ඉදිරි සතියේදී රට පුරාම ඉංග්‍රීසි පංති පැවැත්වීම ආරම්භ කරන බවයි.

එසේ කියන ඔහු සක්විති රණසිංහ සිම්පල් ඉන්ගිලිෂ් (Sakvithi Ranasinghe Simple English) නැමැති යූ ටියුබ් නාලිකාව ඔස්සේ මේවන විටත් සිය ඉගැන්වීමේ කටයුතු අරඹා ඇති බව කියා සිටී.

එහිදී ලුණු පොල්කට්ටේ සිට නැවත ගොඩ නැගිය යුතු හිඟන තත්ත්වයක තමා සිටිතැයි කියන සක්විති, රට පුරාම ඉංග්‍රීසි පන්ති අරඹන්නේ කෙසේද යන්න පිළිබඳව ගැටලුවක් ඇති බව සක්විති ළඟ මුදල් තැන්පත් කළ අයෙකු කියා සිටියේය.

ඒ අනුව ඔහු කියන්නේ සක්විති කියන මේ ප්‍රකාශ දෙකෙන් එකක් බොරුවක් විය යුතු බවයි.

රණසිංහ මහතාට ඇප හිමිවන්නේ පසුගිය ජුනි 10 වැනිදා වන අතර ඔහු මේ අදහස් දක්වා තිබුණේ ඊට දින තුනකට පසුවය. කෙසේවුද, ඔහු සිය යූ ටියුබ් චැනලයට අදාළ ඉංග්‍රීසි පාඩම් මුදාහැර තිබුණේ ඊට පසුදින සිටය. ඒ අනුව මේ සාකච්ඡාව හරහා ඔහු අදාළ යූ ටියුබ්එකට පූර්ව ප්‍රචාරයක් ලබා ගැනීමට මෙය සිදු කර ඇති බවට ඉන් සැක මතුවන බවද පොදු මතය වී ඇත.

සක්විති රණසිංහ යන නම තමා යොදා ගත්තේ ඉංග්‍රීසි අධ්‍යාපන කේෂත්‍රයේ ඉහලටම යාම සඳහා බවත්, එය මාකටිං ට්‍රික් එකක් බවත්, ඔහු එහිදී කියා සිටී.

තමා තවමත් අධිකරණයකින් වරදකරුවකුවී නොමැති නිසා තමා වරදකරුවකු ලෙස පිළි නොගන්නා බද ඔහු කියා සිටී.

ඔහුට එරෙහිව නඩු තුවක් පවතින බව පවසන සක්විති, තමාට වැරදුනේ මුදල් විශාල ලෙස ලැබෙන්න පටන් ගැනීමෙන් පසුව එම මුදල් කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම නිසා බව ඔහු කියා සිටී.

තමා මෙරට ලක්ෂ 2ක පමණ පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදුන් බවත්, කොළඹ, ගම්පහ, නුවර, ගාල්ල අතුළුව සමස්ථ රටම ආවරණය වන පරිදි ඉංග්‍රීසි පංති පැවැත්වූ බවත්, පංති අත්හරින විට දරුවන් 6,000ක් පමණ අධ්‍යාපනය ලබමින් සිටි බවත්, පන්ති පැවැත්වීම හා තවත් ඉංග්‍රීසි සීඩී පැකේජයක් විකිණීමෙන් ඒවන විට මසකට රුපියල් ලක්ෂ 40ත් 50ත් අතර ආදායමක් ඉපැයූ බව ඔහු හෙළිකර තිබේ.

මම ඉගැන්වීමට උපන්නෙමි

ඉගැන්වීමේ කාර්යෙන් තමන් කිසිදු අකටයුත්තක් කර නොමැති බව කියන සක්විති, ලබන සතියේ සිට සිය ඉංග්‍රීසි අධ්‍යාපන පංති ආරම්භ කරන බවද කියා සිටී.

අසාධාරණයට – සාධාරණය

ඔහු වැඩිදුරටත් පවසන්නේ “මගෙන් අසාධාරණයක් වුණා නම් මම පසුතැවිලි වනවා. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් යමක් කළ හැකි නම්…. මම ක්‍රියාත්මක වෙනවා…. ලබන සතියේ සිට මම ලංකාව පුරාම පංති ආරම්භ කරනවා.…” යනුවෙනි.

නමෙන් වස් වැදුනා

මේ අතර, තමා සක්විති ලෙස නම වෙනස් කිරීමෙන් නමෙන් තමාට වස් වැදුණු බව සිතන්නේ යැයි කියන ඔහු කෙසේවුවද ඉදිරියේදි ද නම වෙනස් නොකරන බවත් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button