දේශීය

රතන හිමි වෛද්‍ය සාෆිගෙන් පාපොච්ඡාරණයක් ගැනීමේ වෑයමක

අත්අඩංගුවේ පසුවන කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆිට එරෙහිව වඳ සැත්කම් කතාව ඔප්පු කරගැනීමට නොහැකි නිසා දැන් කළ යුතුව ඇත්තේ කවරාකාරයෙන් ගෝ ඔහුගෙන් පාපොච්ඡාරණයක් ලබාගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ප්‍රකාශ කර තිබේ.

සදහම් සෙවණ ආශ්‍රමයේදී තම සමීපතම හිතවතුන් කිහිපදෙනෙකු සමඟ එහිමි මේ බව පවසා ඇති අතර එය කළ හැක්කේ තමන්ට ම පමණක් බවත් අවධාරණය කර ඇත.

“ඔය දොස්තරයාට තියන ඔය චෝදනා එකක්වත් ඔප්පු කරගන්න බෑ. ඒක තමා ඇත්ත. ඩී. අයි. ජී. මහත්තයා, දිවයිනේ රන්දුණු මහත්තයා, හොස්පිට්ල් ඩිරෙක්ටර් වීර බණ්ඩාර මහත්තයා ඔක්කොම හොඳටෝම වැටිලා ඉන්නෙ.

ඒ මහත්තුරු මට කතා කළා. ඒ අය කිව්වෙ අනේ හාමුදුරුවනේ දැන් තියන තත්වෙ හැටියට අපි ඉවරයි. අපට පාරෙ බැහැලා යන්න බැරි තත්වයක් එන්නත් පුළුවන්. රට ජාතිය බේරාගන්න ඔබ වහන්සෙට තමා මොනවා නමුත් කරන්න පුළුවන්, ඒ නිසා මේකට මැදිහත් වෙලා මොනවා හරි කරන්න කියලා.

දැන් මේකට කරන්න තියෙන්නේ එක දෙයයි. ඕකාගෙන් කොහොම හරි පාපොච්ඡාරණයක් ගන්න ඕනේ. උගෙ බ්‍රේන් වොශ් කරලා…. ඒ වැඩේ මට කරන්න පුළුවන්. උට කියන්න ඕනේ ඌට මේකෙන් ගැළවිල්ලක් නෑ, මේ කපේදි එළියට එන්න හම්බෙන්නෙ නෑ කියන එක. ඔය ත්‍රස්තවාදී පනත යටතේ යුද්ධ කාලෙ ඇතුළට දාපු උනුත් තාම ඉන්නවා නඩුත් නැතුව. මූටත් ඒ ටිකම තමයි කියලා ඌට ඒත්තු ගන්නන්න ඕනේ.

අනික ඌට කොහොමත් මේ රටේ ඉන්න බෑ, මේ මිනිස්සු ඌට මොනවා කරයිද දන්නෙ නෑ කියන එකත් ඌට ඒත්තු ගන්නන්න ඕනේ. ඌව හොඳටම බය කරන්න ඕනෙ. ඊට පස්සෙ තියෙන්නෙ හෙමීට වැරැද්ද පිළිගන්න, සහනයක් අරං දෙන්නම් කියලා ඌට පොරොන්දු වෙන එකයි.

නිවැරදිකරු කියන්න ගිහින් අවුරුදු ගාණක් ඇතුළට වෙලා ඉන්නවද, වැරදිකරු කියලා පාපොච්ඡාරණයක් කරලා එළියට එනවද කියලා උගෙන් අහන්න ඕනෙ කෙළින්ම.

කවුරු ඌ මේක කරේ නෑ කිව්වත් වැඩක් නෑනෙ උගෙ කටින්ම කරා කියල කියවා ගත්තොත්. ඌත් ගොඩ, අපිත් ගොඩ. ඌට ඔය පවුල පිටින් වෙන රටකටවත් යන්න හදලා දෙන්න බැරුවෑයෑ.

ඒත් ඌව කාටවත් හම්බ වෙන්න දෙන්නෙ නෑ, ඒකයි තියන ප්‍රශ්නේ. ඒකට ඉතිං ජනාධිපතිතුමාගෙන් උදව්වක් ගන්න ඕනේ” යනුවෙන් රතන හිමි තම සමීප හිතවතුන් පිරිස හමුවේ පවසා ඇති බව සඳහන්.

රතන හිමිගේ එක වැඩක් නිසා ජනාධිපතිවරයා දැනටත් අමාරුවේ වැටී සිටී. අපට කියන්නට ඇත්තේ නැවතත් ඕවාට කරගසන්නට පෙර දෙවරක් සිතන ලෙසය.


ලංකා නිව්ස් වෙබ් ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button