දේශීය

පැලෝපිය නාල විනාශ කලොත් දඬුවම මෙන්න

සිසේරියන් සැත්කමක් සිදුකරන අවස්ථාවක VOD වෛද්‍යවරයකු සිටිය යුතු බව පිළිගත් සම්ප්‍රදාය වුවද එවැනි වෛද්‍යවරුන්ගේ හිඟය නිසා VOG වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ එවැනි සැත්කම් සිදුවේ. රජයේ රෝහලක එවැනි සැත්කමකට අනිවාර්යයෙන් නව දෙනෙකුගේ (09) කාර්ය මණ්ඩලයක් සහභාගී විය යුතු සඳහන් වේ.

VOG, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය, සහකාර වෛද්‍ය, නිර්වින්දක වෛද්‍ය, ශල්‍යාගාර හෙදිය ඇතුළු තවත් හෙදියක් (රනින් නර්ස්), සාත්තු සේවකයින් දෙදෙනෙක්, ලේබර් කෙනෙකු ආදී වශයෙන් සැත්කම් කාර්යයට දායකවේ. මේ කාර්ය මණ්ඩලයේ දැනුවත් භාවයකින් තොරව පැලෝපිය නාල කපා දැමීමක් හෝ මිරිකීමක් කළ නොහැකිබව වෛද්‍ය විශේෂඥයින්ගේ මතයයි.

වෛද්‍ය සාෆිට එරෙහිව මෙතෙක් අධිකරණය හමුවේ කිසිඳු චෝදනා ගොනුකර නැතත් පැලෝපිය නල විනාශ කිරීමක් ගැන වෛද්‍ය පරීක්ෂණ වලදී කරුණු තහවුරුවුවහොත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ බරපතල තුවාල සිදුකිරීමේ චෝදනාව මත නඩු පැවරීමට කටයුතු කරන පොලිස් නිලධාරියෙකු මාධ්‍යවේදීන් කල විමසීමකදී පවසා තිබෙනවා.

ඒ වැනි අවස්ථාවකදී එවැනි සැත්කම් වලට සම්බන්ධවූ සියලුම වෛද්‍යවරුන්ට හා හෙදි කාර්ය මණ්ඩලයට ඊට අනුබලදීම යටතේ චෝදනා ගොනු කිරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button