දේශීය

සක්විති නිදහස්

නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සහ මූල්‍ය වංචා කිහිපයක් සම්බන්ධයෙන් වසර 10 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සක්විති රණසිංහ ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ(10) නියම කර ඇත.

චන්දන විරකුමාර හෙවත් සක්විති රණසිංහ සක්විති හවුසිං ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සමාගමේ අධිපතිව සිටියදී රුපියල් කෝටි 162 කට අධික මුදල් තැන්පතු ලබා ගැනීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

ඔහු රුපියල් ලක්ෂයක හා රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button