දේශීය

සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක්

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් හෙළිවන තොරතුරු හරහා ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වේ.

මේ අතර ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ මෙම තේරීම් කාරක සභාවේ කටයුතු නතර නොකරන්නේ නම් ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට නැවතත් එම ධුරවල දිවුරුම් දීමේ අවස්ථාවක් නොලැබෙනු ඇති බවයි. සිකුරාදා දින පැවති හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ බව දන්වා ඇති අතර මෙම කාරක සභාව මගින් විමර්ශන කටයුතුවලට බාධා සිදු වන බවත් ජාතික ආරක්ෂාව ගැන සංවේදී තොරතුරු හෙළිදරව් වන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

මෙම තත්ත්වය මත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් හටගෙන තිබෙන අතර දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා යෝජනා වීමට එම කරුණු ද හේතු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button