විශේෂාංග

නෙලුම් කුලුනට වැදුණු අකුණ ගැන, ඡායාරූප ශිල්පියා කියන කතාව

පසුගියදා (05) දාපු Photo එක ගැන නොයෙක් අයට ගොඩක් ප්‍රශ්ණ, නෙළුම් කුළුණට හෙන ගහනකම් බලන් හිටපු එකෙක්ලු, එඩිට්ලු, CCTV එකකින් කැප්චර් කරාලු. මෙහෙමයි මම මේ Photo එක ගත්තෙ 2019 පෙබරවාරි 19 හරියටම රෑ. 9.30ට. මට මතක විදිහට එදා පෝය දවසක්. මගේ හිතට මේ වගේ අදහසක් ආවෙ ඔක්තෝබර් වගේ, වෙන දේකට නෙවෙයි ඒ ආසන්න කාලයකදී අයිෆල් කුළුණට අකුණක් ගහන එකක් රූපවාහිනී මාධ්‍යක පෙන්නුවා ඉතින් අපිට අයිෆල් කුළුණක් නෑ එකම කුළුණ මේක.

ඒ කාලේනම් වැස්ස අඩුයි කොහොම හරි විටින් විට ආපු වැස්ස එක්ක අකුණු ගැහුවත් එක්කො දිශාවන් වෙනස් එක්කෝ කැමරාව එලියට දාන්න බැරි වැස්ස. කොහොම හරි උත්සහය අත්හැරියෙ නෑ. මම සමහර වහින දවස් වලට ගෙදරට ගියේ නෑ මම කැමරාව අටවන් හිටිය Lakehouse එක පහල කාර් පාර්ක් එකේ සහ පූර්ණ අවසරය සහිතව උස් ගොඩනැගිලි උඩ, ඒකට ඒ ඒ ස්ථාන වල ආරක්ෂක අංශ ඊට සාක්ෂි. අකුණු නිසා අනතුරුත් යම් දුරට වෙලා තියනව, ඒ කියන්නෙ ලඟටම ආපු අකුණු වලින්. ඒ ගැන මගේ යාලුවෝ හොඳින්ම දන්නව.

කොහොම උනත් මගේ ඉලක්කය කුළුණ මුදුණට එන අකුණක් ගන්න එක. ඉතින් පෙබරවාරි 19 ඒක මන් ඉටු කරගත්තා. එදා මගේ වාසනාවකට නෙළුම් කුළුණෙ Light දැම්මා මොකද ඒ දවස් ටිකේම Light Test කරපු නිසා ඒ වගේම එදාම මට ඕනි කරන Shot එකත් ගත්තා. කොපමන උස උනත් නෙළුම් කුළුණට අකුණු එනව අඩුයි. මාස 4ටම මම දැක්ක එක මේ අකුණ. මොකද කොළඹ ගොඩක් ඉදිකිරීම් භූමි තියන නිසා අකුණු ඇදල ගන්නෙ ඒවට.

අනිත් එක මම Photography වලදි මට ඕනි කරන Shot එක ගන්න මම ඕනි කැපකිරීමක් කරනව. වනාන්තරයදි උන අනතුරක් නිසා අදටත් මට මගේ Wildlife කැමරා සියල්ල පවා අහිමි උනා. ඒත් කිසිම දුකක් නෑ. Photography කියන්නෙ ඒකට.

අනිත් විශේෂම කාරණාව තමා කැමරා තියන ගොඩක් අය කියන්නෙම අනේ අපිට තියෙන්නෙ පොඩි කැමරා මේවයෙන් මොනව කරන්නද? අපිට 7D / 5D නෑ. අපිට Full Frame නෑ. අපි කොහොමද හොඳ Photo ගන්නෙ කියල. මම මේ Photo එක ගත්තෙ 2011 ආපු Canon 1100D කියන පොඩි කැමරාවෙන් සහ මේකට යොදාගත්තෙ 18-55mm Lens එක. ඉතින් ඒ කැමරාව ගැන දන්න අය දන්නව මේකෙන් Photo ගන්න තියෙන වෙහෙස. ඒත් ඒ ඔක්කොටම වඩා වටින්නෙ උත්සහය කියන දේ. උත්සහයට කරන්න බැරි දෙයක් නෑ.

මම මාස හතරකට ආසන්න කාලයකදි උත්සහ කර වැරදුන ඡායාරූප කීපයක් සහ නෙළුම් කුළුනට අකුණ වදින එකේ RAW Information එක පහලින් දාන්නම්. ඡායාරූපය Edit කියන තරමට මම ගොඩක් සාර්ථකයි. අදහස් පල කරපු හැමෝටම හුඟක් ස්තූතියි.


තිළිණ කලුතොටගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button