දේශීය

‘වෙලාවට වැඩ කිරීම වෙනුවෙන්’ ශ්‍රී ලන්කන් ගුවන් සේවය නැවතත් සම්මාන ලබයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලෝකයේ වඩාත්ම නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගුවන් සේවය බවට ජාත්‍යන්තර සමීක්ෂණකින් හෙළි වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය දෙවන වරටත් සම්මානයට පාත්‍ර වී ඇතැයි වාර්තා වනවා.

2019 වසරේ මැයි මාසය තුළ කරන ලද මෙම සමීක්ෂණයෙන්, සිය ගුවන් මෙහෙයුම් 90.75ක කාර්යක්ෂමතාවයකින් සිදුකර ඇති බව අනාවරණය වී තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කේන්ද්‍රස්ථානය වන කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව ඉහළ නංවා දැඩි සීමාකිරීම් සිදුකර ඇති අවස්ථාවක මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීම ශ්‍රී ලන්කන් ගුවන් යානා කාර්යය මණ්ඩලයේ කැපකිරීම මත සිදු වූ එකක් බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය සදහන් කරන්නේ.

මෙම ගුවන් මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මගින් ආයතනයේ මූල්‍ය තත්වය ඉහළ ගොස් ඇති අතර, අමතර වියදම් අවම කර ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමත් වී ඇතැයි ද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button