විද්‍යාව

Huaweiට Facebook එකත් නැතිවන ලකුණු

Google සමාගම ගත් ක්‍රියා මාර්ගය ආදර්ශයට ගනිමින් Facebook ආයතනය ද Huawei සමාගමට සිය සේවා ලබා නොදීමට ද සූදානම් වෙයි.

ඉදිරියේදී අලුතින් වෙලඳපළට පැමිණෙන huawei ජංගම දුරකතනවලින් facebook මෘදුකාංගය ඉවත් කිරීමට facebook සමාගම තීරණය කර ඇති බව අද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව facebook සමාගම විසින් හිමිකාරීත්වය දරණ සහෝදර මෘදුකාංග වන messanger, watsapp සහ instagramපවා ඉදිරියේදී වෙළඳපලට පැමිණෙන huawei ජංගම දුරකතන හරහා භාවිතයේදී අවහිරතා එල්ල විය හැකි බව අනතුරු හඟවයි.

මෙම තීරණය ක්‍රියාවට නංවන්නේ කවදාදැයි facebook සමාගම මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නොමැත. කෙසේ වෙතත් මේ වනවිට භාවිතයේ පවතින හුවාවේ ජංගම දුරකතන සඳහා මෙම නව තීරණය බලනොපාන බවයි facebook සමාගම පවසයි.

අමෙරිකානු රජය විසින් huawei සමාගමට එරෙහිව පැනවූ සම්බාධක හමුවේ facebook ආයතනය මෙම තීරණයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button