දේශීය

ජාතිවාදය වපුරන්නන්ට, බොරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීති අලුත් වෙයි

වෛරී ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සහ අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වන ලෙස දණ්ඩ නීති සංග‍්‍රහය සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආශික කමිටුව, අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙතින් කළ ඉල්ලීමක් මත වැඩබලන බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

ඒ අනුව ජාතීන් අතර සහජීවනය සහ රාජ්‍ය ආරකෂාවට බාධා වන ආකාරයෙන් අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කිරීම, විවිධ ජනවාර්ගික හා ආගමික කොටස් අතර සාමය හා සහජීවනය පවත්වාගෙන යාමට සහ රාජ්‍ය ආරක්ෂාවට බාධා වන ආකාරයෙන් වෛරී ප‍්‍රකාශ සිදුකරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වන ලෙස මෙම නව සංශෝධන සිදුකිරීමට නියමිතය.

අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාර සම්බන්ධයෙන් වැරදිකරු වන පුද්ගලයෙකුට රුපියල් දස ලක්ෂයක් දක්වා වන දඩ මුදලක් නියම කිරීමට හෝ වසර 05 කට නොවැඩි සිරදඩුවමක් නියම කිරීමට හෝ එම දඬුවම් දෙකටම යටත් වන පරිදි සහ වෛරී ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වන පුද්ගලයෙකුට දඩ මුදලක් හෝ සිරදඬුවමක් නියම හැකි වන පරිදි පරිදි මෙම නීති සංශෝධනය කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button