සමාජ

වඳ සැත්කම් කරලාද සොයන්න ශ්‍රී ලංකාවේ තාක්ෂණය මදි කියන කතාවේ ඇත්ත…?

සිසේරියන් සැත්කම් අතරතුර කාන්තාවක් වඳ භාවයට පත් කර ඇත්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් තරම් තාක්ෂණයක් ශ්‍රී ලංකාව තුළ නොමැති බව මහනුවර පිහිටි ජාතික මූලික අධ්‍යයන ආයතනය පවසනවා.

එහි මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

මේ අතර පොලීසිය අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි එරෙහිව මේ වනවිට පැමිණිලි 237 ක් ලැබී තිබෙනවා.

ඊයේ දිනය වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි 204 ක් ලැබී තිබූ අතර, දඹුල්ල රෝහලට ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 21 ක්.

එසේම දඹුල්ල පොලීසියටද මව්වරුන් 12 දෙනෙකු වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි කර තිබුණා.

එමෙන්ම මෙම වෛද්‍යවරයාගේ මුල් නිවස ලෙස සැළකෙන අනුරාධපුර – කලාවැව ප්‍රදේශයේ පිහිටි නිවසද ඊයේ පස්වරුවේ ආරක්ෂක අංශ සෝදිසියට ලක් කර තිබෙනවා.

කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් ඉන් හමුවී නොමැති අතර, සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි ගේ පියා ඇතුලූ පවුලේ ළඟම ඥාතීන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටයි පොලීසිය මෙහිදී කටයුතු කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button