දේශීය

මුස්ලිම් විරෝධීන්ට ඇප ලැබෙද්දී නැව් සුක්නාම් ඇඳුම ඇඳි මුස්ලිම් කාන්තාව රිමාන්ඩ්

නැව් සුක්කානම් රූප සහිත ඇඳුමක් නිසා අත් අඩංගුවට ගන්නා ලද මුස්ලිම් ජාතික කාන්තාවක් මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප දිය නොහැකි නීති යටතේ දෙවැනි වතාවටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් පියවර ගෙන තිබේ.

හසලකදී අත් අඩංගුවට ගන්නා ලද හතලිස් හත් හැවිරිදි එම් ආර් මසාහිමා පොලිසිය විසින් අධිකරණය හමුවට පමුණුවන ලද්දේ ඇගේ කෆ්තාන් ඇඳුමේ පින්තාරු කොට ඇත්තේ ධර්මචක්‍ර සංකේතයක් බව පවසමිනි.

එය බෞද්ධ සංකේතයකට අපහාස කිරීමක් බවට චෝදනා නගා ඇත්තේ මානව හිමිකම් රැකීම අරමුණු කොට සම්මත කරගන්නා ලද 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යොදා ගනිමිනි.

මතබේදයට තුඩු දී ඇති සංකේතය හරියාකාර හඳුනා ගැනීම සඳහා කාන්තා ඇඳුම බෞද්ධ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය වෙත යවන ලද බව පොලිසිය විසින් දැනුම් දීමෙන අනතුරුව මහියංගනය මහේස්ත්‍රාත් ගාමිණී රඹකැන්පුර විසින් සැකකාරිය ජූනි 3 දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

ICCPR පනත යොදා ගනිමින් පොලිසිය විසින් මීට ඉහතදී අත් අඩංගුවට ගන්නා ලද සම්මානලාභී ලේඛක ශක්තික සත්කුමාර ද මේ වනවිට ඇප නොලබා දෙමාසයකට ආසන්න කාලයක් සිරගත කොට සිටී.

මේ අතර මුස්ලිම් විරෝධි ප්‍රහාරයන් සම්බන්ධව සැක පිට නාත්තන්ඩියේ දී ඇල්ලු 31 දෙනෙකු හා මිනුවන්ගොඩ දී අත් අඩංගුවට ගත් 15 දෙනෙකු 29 බදාදා ඇප මත මුදා හැර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button