දේශීය

ෆෝන් වලට VPN දාන්න, සමහර ෆෝන් කඩවලින් රුපියල් 100ක් අරං

සමාජ මාධ්‍ය වාරණය තුළින් රජය බලාපොරොත්තු වූ දේ ඉටු නොවූ බව ඒ පිළිබදව කළ සමීක්ෂණයකින් හෙළි වූ බව රජරට විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය මෘදුකාංග ඉංජිනේරු පැතුම් රත්නායක මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාස්කු ඉරිදා සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ජනතාව අතරට පත්වීම වැළැක්වීමේ අරමුණින් රජය සමාජ ජාලා වාරණයකට ලක් කළත් මේ කාලය තුළදී 58% ක් පමණ VPN තාක්ෂණය ඔස්සේ සමාජ ජාලා වලට එක් වූ බවයි.

නමුත් සමීක්ෂණයට භාජනය වූ අයගෙන් 95% ක්ම වීපීඑන් තාක්ෂණය පිළිබදව නිසි තොරතුරු නොදැන ඊට එක්ව සිටි බවට තොරතුරු හෙලි වූ බව පවසන පැතුම් රත්නායක මහතා ඇතැම් පිරිසක් VPN තාක්ෂණය තම ජංගම දුරකතන වලට භාගත කිරීම සදහා දුරකතන අලෙවි මධ්‍යස්ථානවලට රුපියල් 100 ක් වැනි මුදලක් ගෙවා තිබූ බවද සදහන් කළා.

සමීක්ෂණය පිළිබදව තව දුරටත් අදහස් දැක් වූ පැතුම් රත්නායක මහතා මෙසේද කියා සිටියා.

සමීක්ෂණයේදී 58% ක් දෙනා පවසා සිටියේ තමන් සමාජ මාධ්‍ය වාරන කාලය තුලදීද VPN භාවිතා කොට Facebook ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසුන බවයි. මෙහිදී 9% දෙනා තම මතය සහ භාවිතය පිළිබද අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

ඒ අතරින් මුස්ලිම් ජාතික තරුණයින් සහ සිංහල ජාතික තරුණියන් වීම කැපීපෙනුන කාරණයක්. අප සමීක්ෂණයේ සුවිශේෂම කාරනයක් වූයේ සමීක්ෂණයට භාජනය කල අයගෙන් 95% ක ප්‍රතිශතයක් VPN යන්න හෝ එහි ක්‍රියාකාරිත්වය ගැන නිසි අවබොධයක් නොමැතිව එය භාවිතා කල බවයි.

සමීක්ෂණයට අදාලව අප කල සම්මුඛ සාකච්ඡා වලදී හෙලිවූයේ ඇතැම් තරුණයන්, Smart දුරකථන වලට VPN ස්ථාපිත කිරීම සදහා රුපියල් 100ක් අයකරන බවත්, ඇතැම් උපකාරක පංති ගුරුවරුන් තම විෂය කරුණු ඉගැන්වීම වෙනුවට සිසුන්ට VPN සහ එවා ස්ථාපිත කරගන්නා ආකාරය ඉගැන්වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button