විශේෂාංග

ත්‍රිපිටකය කෑලිවලට ඉරලා ටොයිලට් එකට දැම්මොත්?

වරක් ඇමරිකානු නාවික හමුදාවේ අයෙක් කුරානයක් ඉරා ටොයිලට් එකක දමා තිබුනා…. මෙය ලොවපුරා පත්තරවල ප්‍රවෘතියක් වුනා. මම හිටියේ එතකොට ඕස්ට්‍රෙලියාවෙ. මෙහෙ මාධ්‍යවේදිනියක් අප රටේ සියලුම ආගමික නායකයින්ගෙන් අහලා තිබුනා ඔබේ ආගමේ ධර්ම පොතක් කෙනෙක් ටොයිලට් එකක දැම්මොත් ඔබ මොකද කරන්නේ කියලා. ඕස්ට්‍රලියාවෙ බෞද්ධ නායකයා හැටියට මටත් ඇයගේ ප්‍රශ්නය යොමු වුනා.

බුදුදහම අඩංගු ධර්ම පොතක් කෙනෙක් ඉරා ඔබේ ටොයිලට් එකේ ෆ්ලශ් කර යැවුවොත් ඔබ මොකද කරන්නේ…?

මම ඇයට උත්තර දුන්නා.

කෙනෙක් එහෙම කලොත් මම කරන්නේ පයිප්ප බාස් කෙනෙක්ට කතාකරන එක. මොකද පොතක් හින්දා අනිවාර්යෙන් හිරවෙන්න පුලුවන්…. ඊට පස්සේ මගේ අත්‍යාවශ්‍ය කටයුත්ත කරද්දි අතර මග හිර වෙන්න පුලුවන් හින්දා….

ඇය හිනා වුනා. ඇයට ලැබුනු අමුතුම සහ හොඳම පිළිතුර එය බව ඇය කීවා….

මා තවදුරටත් ඇයට පිළිතුර පැහැදිලි කරා

ඔබට ඕනෙ තරම් බෞද්ධ පොත් ටොයිලට් එකකට දාන්න

බුදුපිලිම කඩන්න, පන්සල් ගිනි තියන්න, හාමුදුරුවරු මරන්න

හැබැයි නුබේ ක්‍රියාව නිසා නුබට මාතුලින් බුදුන්වහන්සේගේ ධර්මය ෆ්ලශ් කර හරින්න මම ඉඩ තියන්නෙ නෑ. සමාවදීම, දයාව, අනුකම්පාව, මා තුල ඇති හිතේ සාමය කිසිවිටෙකත් මා ඔබට දියකර හරින්න ඉඩ තබන්නෙ නෑ….


අජාන් බ්‍රහ්මවන්සෝ මහ තෙරුන්වහන්සේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button