දේශීය

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට රුපියල් කෝටි 11ක ආරක්ෂක කැමරා 236ක්

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට රුපියල් කෝටි 11ක පමණ වියදමින් ආරක්ෂක කැමරා 236ක් සවිකිරීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

දිවයිනේ ප්‍රධාන පේළේ පෞද්ගලික ආයතනයකට මෙම කැමරා සවිකිරීමේ ටෙන්ඩරය බාරදී ඇතැයි වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් හා එම පෞද්ගලික ආයතනයේ නිළධාරින් අතර සාක්ච්චාවක් ඉකුත් 13 වැනිදා පාර්ළිමේන්තු සංකීර්ණයේ දී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ළිමේන්තු සංකීර්ණයේ ආරක්ෂක කැමරා 40ක් පමණ දැනට සවිකර තිබුණත් ඒවා කල් ඉකුත් වී ඇතැයි ද මේ නිස එම ආරක්ෂක කැමරා හතලිහ ඉවත් කරන බව පාර්ලිමේන්තු නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

අලුත් ආරක්ෂක කැමරා 236 සවි කෙරෙන්නේ පාර්ළිමෙන්තු සංකීර්ණයේ පිටත ප්‍රදේශ වලයි.

මෙම කැමරාවලින් ගන්න දසුන් නිරීක්ශණය කිරීමට වෙනම නිරීක්ශණ මැදිරියක් පාර්ලිමේන්තුවේ ස්ථාපනය කිරීමට ද කටයුතු කරන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button