පුරවැසි කොළම

රාජිත සේනාරත්න ‘ලැට් කටා’ යන විරුධාවලිය ලබති

රාජිත සේනාරත්නගේ විකිපීඩියා පිටුවේ, ඔහුගේ සිංහල නමට අදාළ ස්ථානයේ ‘ලැට් කටා’ ලෙස සඳහන් වී තිබුණි.

විකිපීඩියා යනු අන්තර්ජාලයේ ඇති විශාලම විශ්වකෝෂයයි. එහි ඕනෑම කෙනෙකුත තොරතුරු ඇතුලත් කළහැකි, සංස්කරණය කළහැකි පහසුකම ඇති නිසා රාජිත සේනාරත්නගේ විකිපීඩියා පිටුව කවුරුන් හෝ සංස්කරණ කර ඇත.

මහජනතාවගේ මෙවැනි ක්‍රියා නිසා පෙනෙන්නේ දේශපාලකයන්ට මහජනතාව කෙතරම් ද්වේශ කරනවාද, වෛර කරනවාද සහ ඔවුන්ව සමච්චලයට ලක් කරනවාද යන්නයි.

නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ට තමන්ගේ වාසිය ලබා ගැනීම මිස, ජනතාවගේ හැඟීම් දැනීම් වගේ වගක් නැත.

කෙසේ වෙතත් මේ වනවිට රාජිත සේනාරත්න හෝ ඔහුගේ කණ්ඩායම විසින් ‘ලැට් කටා’ වෙනුවට නැවතත් රාජිත සේනාරත්න ලෙස එම තොරතුර සංස්කරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button