පුරවැසි කොළම

සිහළුනී, මරා දැමු ඒ දෙමළාගේ ප්‍රකාශය නැවත කියවා බලව්

“අපි ජාතිවාදී නොවෙමු, සිංහල ජනයාගේ අයිතිය උදුරා නොගමු. අපි අපේ සටනේදී ඔවුන්ව ආදරයෙන් සිහිපත් කරමු, ඔවුන්ගේ සාධාර්ණ සටන් වලදී අපගේ සහය පලකරමු එලෙසම අපගේ විමුක්ති සටනටද සිංහල ජනයා සහය දිය යුතුය .අනුන්ගේ නිදහස ගැන උනනදු නොවන තැනැත්තා තමන්ගේ නිදහසද වලලා ගනු ඇත. අපට අත් වූ ඉරණම සිංහල ජනයාටද අනාගතයේ අත්වනු ඇත. එදාට අලිමංකඩ වධ කඳවුර හම්බන්තොටට ගෙනයනු ඇත ගුරුනගර් වද කඳවුර කුරුනෑගලට ගෙනියනු ඇත”

– සෙල්වරාජා යෝගෙන්ද්‍රන් හෙවත් කුට්ටුමනී

ඔහුව 1983 දී වැලිකඩ හිරකඳවුර ඇතුළෙ ඝාතනය කරනව තවත් සිරකරුවන් 52ක් එක්ක. කුට්ටුමනී කිව්ව දේ අවුරුදු 3ක් යන්න කළින් ඇත්ත වුණා.

උතුර ඊලම වෙනුවෙනුත්, දකුණ නිදහස වෙනුවෙනුත් අරගල කළා. දෙපැත්තටම ඒකට හේතු තිබුණ. ඒත් දෙපැත්තම ඇත්ත හේතු, ඇත්ත ගෞරවය බැලුවෙ නෑ. බලය වෙනුවෙන් ඕනම දෙයක් කරන පාලකයො පාලකයො විදියටම ඉතුරු වුණා. ඒත්.. සිංහල දෙමළ මුස්ලිම් හැම ජාතියකම තරුණයො හැම පැත්තෙම නැති වුණා. හැම පැත්තෙම අම්මලට පුතාල දුවල අහිමි වුණා. පුතාල දුවලට අම්මල තාත්තල අහිමි වුණා. මැරුව, මැරුණ හැම ජීවිතයක්ම අපි අපි වගේම පණ ගැහුන, හුස්ම වැටුණ ජීවිත. ඒ හැමදේම, හැම ජීවිතයක්ම කේවල් කරල පාලකයො මාරුවෙන් මාරුවට බලයට පත් වුණා. කොහෙන් කොහොම කවුරු මැරුවත් අපි අපිට මොනවද ලැබිල තියෙන්නෙ අන්තිමට? අපිට මොනවයින්ද, කාගෙන්ද නිදහස ලැබුණෙ? ඇත්තටම අපි නිදහස් ද?


කසුන් පුස්සෙවෙල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button