දේශපාලන

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුවේ බොරුවක්

රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් සැකසූ විශ්වාසභංග යෝජනාව අද (16) කථානායකවරයාට භාර දී තිබුණි.

රතන හිමියන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය හිමි වුවද ඒ එක් පිරිසකගේ පමණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළද ඒ සම්බන්ධයෙන් එක් ස්ථාවරයක් දක්නට නොලැබුණි.

කෙසේ නමුත් කරුණු 10ක් මුල්කරගෙන අත්සන් 64කින් සහිතව භාර දී ඇති එම විශ්වාසභංග යෝජනාවේ දිනය ලෙස සටහන් කර ඇත්තේ 2018.05.09 ලෙසය.

පුදන කොටම කාපි යකා කියන්නා සේ බදූර්දීන් විරෝධය එතෙකින්ම අවසන් වී ඇත. දැන් මෙහි සලකා බලන්නට දෙයක් නැත. ආරම්භයෙන්ම කෙළවාගෙන තිබේ. එය අත්වැරැද්දක් විය හැකිය. නමුත් 64 දෙනාගෙන් එක් අයෙකුට හෝ එය ඇස ගැටී නැත.

එය එක් අතකින් හොඳය. කාගේ කාගේත් ඇත්ත දේශපාලන අරමුණු අපට ඉලක්ක කර ගැනීමට මෙවැනි වරදවල් හොඳටම ප්‍රමාණවත්ය.

අපට බදූර්දීන් අමාත්‍යවරයා සුද්ද කරන්නටද කිසිදු අවශ්‍යතාවක් නැත. බදූර්දීන් අමාත්‍යවරයාගේ වරදක් තිබුණත් දැන් කරන්නට දෙයක් නැත. මේ විශ්වාසභංගය විසි වී හමාරය.

ඇතැම්විට මේ රටේ දේශපාලන උප්පරවැට්ටිවලට අනුව ඒ වරද දැනුවත්ව වූවක්ද විය හැකිය.

මෙහෙව් රටවල හසිම්ලා බෝම්බ නොගැසුවොත් පුදුම විය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button