විද්‍යාව

Facebook නීති රීති වැඩි කරයි – භාවිතයට පෙර කියවන්න

ෆේස්බුක් Live භාවිතය සඳහා එම ආයතනයෙන් හඳුන්වා දී ඇති නීති රීති බිඳ දමන අය සඳහා Facebook ප්‍රවේශය සීමා කිරීමට, Facebook ආයතනය තීරණය කර තිබෙනවා.

එමෙන්ම, මෙතක් කාලයකට ප්‍රථම වතාවට ෆේස් බුක් ලයිව් භාවිත කරන අයටද එය භාවිතා කිරීමට දී ඇති කාලයත් සීමා කිරීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා.

දැනට මෙම ප්‍රතිපත්තිය පනවා ඇත්තේ නවසීලන්තයට පමණයි. මෙයට ආසන්නතම හේතුව වන්නේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පල්ලියේ ප්‍රහාරයට අදාළ සිදුවීම් සහ ප්‍රහාරකයාගේ සජීවී දර්ශන අන්තර්ජාලය පුරා සජීවී ලෙස විකාශය වීම බවයි Facebook ආයතනය සඳහන් කළේ.

මේ වන විට Facebook විසින් මෙසේ ප්‍රචාරය වීමට නුසුදුසු තත්වයේ ඇති ලොව පුරා වීඩියෝ දර්ශන මිලියන 1.5 ක් ඉවත් කර තිබෙනවා.

තවද පසුගිය මාර්තු මාසයේ බ්ලොග් අඩවියක් තුල එවැනි වීඩියෝ දර්ශන 900 කට වැඩි ගණනක් හඳුනාගෙන ඇති බවද සඳහන් කළා.

කෙසේ වෙතත් Facebok හරහා වෙනත් රටවලින්ද මෙවැනි සිද්ධීන් වාර්තා වුවහොත් මෙම ප්‍රතිපත්තිය එම රට වලටද හඳුන්වාදීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button