දේශීය

නිරුවත හෙළිවන අති විශේෂ හෙලිදරව්ව

සහරාන්ගේ සොහුරෙකුවන රිල්වාන් නැමැත්තා බෝම්බ නිෂ්පාදකයකු බව දැනටමත් ප්‍රසිද්ධ කරුණකි. ඔහු විසින් පවත්වාගෙන ගිය බෝම්බ පුහුණු කඳවුර කාත්තන්කුඩි ඔල්ලිකුලම් මෙහෙයුම් මූලස්ථානය වැටලූ බව පසුගිය දිනයන්හි ප්‍රවෘත්ති වාර්තා විය.

මෙම මෙහෙයුම් මූලස්ථානයේදී සහරාන්ගේ සහෝදරයකු වන මොහොමඞ් රිල්වාන් නමැත්තා 2018 වසරේදී තවුහිත් ජමාත් සංවිධානයේ අනුගාමිකයන් පිරිසකට බෝම්බ සෑදීම පිළිබඳව පුහුණුවක් ලබා දී තිබේ. ඒ අවස්ථාවේදී බෝම්බයක් පුපුරා ගොස් රිල්වාන්ට බරපතළ තුවාල සිදු වී තිබේ. මෙම සිදුවීම එම ස්ථානයේ බාරකරු විසින් සහරාන්ට දැනුම් දුන් පසු ඔහුගේ උපදෙස් මත රිල්වාන් නමැත්තාව කඩිනමින් බස්නාහිර පළාතේ රෝහලකට හොර රහසේ ඇතුළු කර ඇත.

රිල්වාන් නමැත්තා මාස දෙකක පමණ කාලයක් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති බවත් ඔහුගේ සාත්තුවට ළඟ සිට ඇත්තේ සහරාන්ගේ රියැදුරා බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. මෙම බෝම්බ පිපිරීමෙන් රිල්වාන්ගේ එක් ඇසක් අහිමි වී ඇති අතර ඇඟිලි ද අහිමිව ගොස් තිබේ.

මෙම සිදුවීම් මාලාවේ බරපතළකම වන්නේ බෝම්බයක් පුපුරා බරපතළ ලෙස තුවාල ලැබූ අයකු රෝහලට ඇතුළත් කළ බව පොලිසියට දැනුම් දීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු නොකිරීමය.

රෝහලක් තුළ එතරම්ම රහසිගත දේ සිදුවිය හැකි ද යන්න ද විමතිය දනවන සුළුය. එම රෝහල බොරැල්ල කොටා පාරේ පිහිටි පුද්ගලික රෝහලක් වන වෙස්ටන් හොස්පිට්ල් වේ. මෙහි අයිතිකරු වන්නේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස ඉතාමත් කීර්තිමත් නාමයක් දිනා සිටින මහාචාර්ය රිශ්වි ෂෙරිෆ් මහතාය. ඔහු මෙම තත්වය නීතියෙන් ආවරණය කරගත්තේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා හරහා බව වාර්තාවේ. මේ වන විටත් බුද්ධිඅංශ විසින් හෙලිදරව් කර ඇති මෙම තොරතුරු මේ මොහොත වන විටත් ජනමාධ්‍ය තුල වසන් කිරීමට මහත් වෑයමක් දරමින් රාජිත ඇමතිවරයා කටයුතු යොදමින් සිටී…. නැවත මාධ්‍ය සාකච්චාවක් තබා වෙනකෙකුගේ පිට මෙය පැටවීමට පෙර සැවොම දැනුවත් කරන්න.


ශ්‍රීමාල් දසනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button