පුරවැසි කොළම

කරුණාකරලා දේසපාලුවන්ගෙ පිට ඔක්කොම දාලා බබ්බු කරන එක නවත්තන්න….!

පාස්කු ප්‍රහාරය එල්ල කලේ මුස්ලිම් ත්‍රස්තවාදීන්. එතකොට ඒක ISIS උන්ගෙ පිට දාලා ඕක ISIS කියලා නිකන් ඉන්න පුළුවන් ද…?

මෙහෙ ඉන්න මුස්ලිම් සමාජෙට වගකීම යන්නෙ නැද්ද…? සහරාන් ගැන දැනගෙන නොකියා හිටපු පිරිසක් නැද්ද…. ඉන්නවා..!! ඒගොල්ලන්ගෙ අතේ ප්‍රහාරයේ ලේ නැද්ද…. තියනවා. අර ජමාත් මේ ජමාත් කියලා හදාගෙන ජාතිවාදෙ අවුස්සපු උන්ගෙ අතේ ලේ නැද්ද…. තියනවා….

ආන්න ඒ වගේ තමයි ඊයෙ පෙරේදා ගහමරාගත්ත සිංහල ත්‍රස්තවාදියන්ගෙ මීහරක් වැඩ ඔක්කොම දේසපාලුවන්ගෙ පිට දාලා ගහපු උන්ව බබා කරන්න හදන්න එපා. දේසපාලුවො කිව්වම කුලප්පු වෙන්න බබාලද..? හරක් ද ? තමන්ගෙ ගමට පිටින් ඇවිල්ලා ගහලා යනකං බලන් ඉන්නෙ මොක්කුද.? මුස්ලිම් කේස් එක වගේම තමයි. මේවට වචනෙකින් හරි දායක වෙච්ච හැම එකාගෙම අතේ ලේ ගෑවිලා තියෙන්නෙ….

කරුණාකරලා දේසපාලුවන්ගෙ පිට ඔක්කොම දාලා බබ්බු කරන එක නවත්තන්න.
අලුත්ගම, බේරුවල, දිගන ගැහුවෙ පිටින් ඇවිල්ලද ? පිටසක්වල ජීවියොද. නෑනෙ….

ඒක හින්දා කරුණාකරලා ඔය මුස්ලිම් , සිංහල දෙමළ වේවා මොන අන්තවාදී කාලකන්නියවත් අරකයි මේකයි නොකියා සාධාරණීකරණය කරලා බබ්බු නොකර ඒත් මේත් අරමයි මේමයි නොකියා උන්ට විරුද්ධ වෙන්න..!!
නිදහසේ ඉන්න ඕනෙනං විරුද්ධ වෙන්න..!!

ආරක්ෂක අංශ වලට සහයෝගය දෙන්න උන්ව අල්ලලා නීතිය ක්‍රියාත්මක කරන්න…!


චමල් අකලංක පොල්වත්තගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button