දේශීය

“කිසිම දේශපාලන තනතුරක් ලබා ගැනීම මගේ අභිලාශය නෙමෙයි….” කාදිනල් කියයි

කිසිදු දේශපාලන පක්ෂයකට සහය ලබා දීමට හෝ දේශපාලන තනතුරු සඳහා ඉදිරිපත් වීමට තමන්ගේ කිසිදු උත්සාහයක් හෝ අභිලාෂයක් නොමැති බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ ඒ බව පවසන්නේ තමන් වහන්සේ වෙත දේශපාලන වගකීම් පවරාදිය යුතු බවට යෝජනා කරමින් ඇතැම් අය පලකරන අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

කතෝලික පූජාප්‍රසාදිතුමෙකු සහ රදගුරුතුමෙකු වශයෙන් තමන් වහන්සේගේ අරමුණ අධ්‍යාත්මික හා ආගමික මෙහෙවරක යෙදීම පමණක් බවද කාදිනල් හිමිපාණන් පවසනවා. මේ රටට, ජනතාවට සහ උතුම් වූ සංස්කෘතියට ඉමහත් සේ ආදරය කරන බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ. ඒ සඳහා කැපවීම විනා වෙනත් කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවද තමන්වහන්සේගේ එකම දේශපාලනය දෙවියන් වහන්සේට හා ජනතාවට සේවය කිරීම බවද කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button