දේශීය

වෙසක් සමරන්න තහංචියක් නැහැ, හැබැයි බැතිමතුන් දැඩි පරික්ෂාවට ලක් කරනවා….

වෙසක් උත්සවය සැමරීම සඳහා කිසිඳු තහනමක් පනවා නැතැයි රජය ප්‍රකාශ කර සිටී.

මහනායකහිමිවරුන් හා විහාරාධිපතිවරුන්ගේ කැමැත්ත අනුව වෙසක් උත්සවය පැවැත්විය හැකි බව හා ඒ සඳහා අවශ්‍ය සහයෝගය හා ආරක්ෂව රජය විසින් ලබා දෙන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල 10 සිකුරාදා පාර්ලිමේන්තුවට පැවසීය.

වෙසක් දින උත්සව සඳහා ආරක්ෂාව සලසා දිය යුතු බවත් රටේ තත්ත්වය හේතුවෙන් වෙසක් උත්සව නවතා දැමිය නොහැකි බවට සහ රජය ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්න පියවර කුමක් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව කියා සිටියේය.

මේ අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි 17 සහ 18 දින දෙකට පමණක් සීමා කරන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

සෑම විහාරස්ථානයකටම හමුදා ආරක්ෂාව සපයන යන අතර පොහෝදා සිල් සමාදන් වීම ඇතුළු හා ආගමික වතාවත් ඒ සඳහා පැමිණෙන සැදැහැවතුන් දැඩි පරීක්ෂාවට භාජනය කරන බව ද ඇමැතිවරයා පැවසීය.

රාජ්‍ය වෙසක් උත්සවය මැයි 17 වැනි දින තෙල්වත්තේ, තොටගමුව රන්පත් රජමහා විහාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button