දේශීය

“සමාජ මාධ්‍ය භාවිත කරන බොහෝමයක් උගත්කමින් අඩුයි” – ජනාධිපති කියයි

සමාජ මාධ්‍ය පිළිබඳව කරන සමීක්ෂණවලදී ඒවා භාවිත කරන්නන්ගෙන් බොහෝමයක් උගත්කමින් පහළ අය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොලොන්නරුවේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව ඊයේ (12දා) ප්‍රකාශ කළේය.

“සැමවිටම අධි තාක්ෂණය භාවිත කිරීමේදි, ප්‍රා යෝගික ක්‍රියාකාරිත්වයේදී මිනිසාගේ ප්‍රගමයට භාවිත වීම තමයි අත්‍යාවශ්‍ය වන්නේ. අද සමාජ වෙබ් අඩවි බැලුවොත් මොන තරම් අසත්‍ය දේවල් මොන තරම් ජනතාව නොමග යවන දේවල් අද සමාජ වෙබ් අඩවි හරහා යනවද?

චරිත ඝාතන, නින්දා අපහාස වලින් පිරුණු ලෝකයක් බවට සමාජ වෙබ් අඩවි පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිළිබඳව ගවෙෂණ සමීක්ෂණ කරන අපේ රටේ වගේම ලෝකයේ සෑම රටකම සොයාගෙන තිබෙන්නේ සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන්ගෙන් විශේෂයෙන්ම දැන උගත් සමාජයෙන් පහළ අය.

පාවච්චිකරන දේ නිර්මාණය කරන දේ 80%ක්ම අසත්‍යයි. කිසිවෙටකත් තාක්ෂණය මිනිසා විනාශ කිරීමට භාවිත නොකළ යුතුයි.”

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button