දේශීය

“මෙරට පදනම බෞද්ධ ආගම මතයි…. ඒ අනුව ක්‍රියා කිරිමෙන් සහජීවනය ගොඩනැඟෙනවා”

භේද භින්න පසෙක තබා බුදුදහමේ මඟ පෙන්වීම යටතේ සියලූම ජාතීන්ට සමානව ජීවත්විය හැකි අලූත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සියලූම ශ්‍රී ලංකාකියන් කැපවිය යුතුව ඇතැයිද අගරදගුරුතුමෝ සඳහන් කළහ.

ශ්‍රී ලංකා ජාතික මහා සභාව විසින් සංවිධානය කළ ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තවාදය පරදවන පංචවිධ සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට කොළඹ පදනම් ආයතනයේ දී ඊය් (10) එක් වෙමින් අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.

“බටහිර බලවතුන් රටවල් තුළ ආරවුල් ඇති කළ යුතුමයි. එසේ නොමැතිව ඔවුන්ට ආයුධ විකුණගන්න බැහැ. මේ ආරවුල් ඇති කිරීමට ජාතීන් ආගමිකයන් කෙටවීමේ වැඩපිලිවෙළකට ඔවුන් යනවා.

අපේ රටේ ජාතීන් දෙකක් අතර අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ශතවර්ශ ගණනාවක් එකට සහෝදරයන් ලෙස ජීවත් වු ජාතීන් දෙකක් එකිනෙකා මරා ගත්තා. අපි සිංහල දෙමළ මිනිස්සු ඇන කොටා ගෙන ඒ අයව පෝසත් කළා. ලෝක බැංකුවෙන් ණයට සල්ලි අරගෙන අපි ආයුධ අරගන්නවා. අපි හිඟන්නො බවට පත්වෙනවා. ඒ අය ධනය උපයා ගන්නවා.

මේ අයි. එස්. අයි. එස් සංවිධානය කියන්නෙත් ඒ වැඩපිලිවෙලේ කොටසක්, මේකට ඉස්ලාම් ආගමිකයන් සම්බන්ධ කිරීම වැරදියි. ඉස්ලාම් ආගම තුළ මෙවැනි දෙයක් කරන්න අවසර දෙන්නේ නැහැ. කුරානයේ ටිකක් ප‍්‍රශ්න තියෙන වගන්ති 26 ක් තියෙනවා කියලා මට මව්ලවිතුමන් කිව්වා. ඒ ඇර වෙනත් ප‍්‍රශ්න නැහැ.

අස්වලා මලික්කුම් කියන්නේ ඔබට සාමය වේවා. ඔබටත් සාමය වේවා කියලා තමයි උත්තර දේන්නේ. සාමය තමයි මේ ආගම් පදනම වෙන්නේ. ඒ නිසා මේක ඉස්ලාම් ආගමේ ප‍්‍රශ්නයක් නෙමෙයි.

වෙනත් බලවේග විසින් විවිධ ජාත්‍යන්තර මට්ටමේ ත‍්‍රස්ත සංවිධාන බිහිවෙන්න ඉඩ හැරලා වෙනස්කම් උලුප්පලා ඒ අයට ආයුධ නිෂ්පාදනය කරලා විකුණලා තමන්ගේ ආර්ථිකය පෝසත් කරන්න සාතන්ගේ වැඩපිලිවෙලේ කොටසක් තමයි මේක.

මේ අන්තවාදයට ඉඩ නොදෙන්න ඉස්ලාම් ධර්මය අදහන අයට ලොකු යුතුකමක් තියෙනවා. තමන්ව අතකොලූවක් නොවෙන්න පාවිච්චි නොවෙන්න ඒ අයට වගකීමක් තියෙනවා. මම ඒ නායකත්වයට කියනවා අපි ඔබව තේරුම් අරගෙන තියෙන්නේ. නමුත් මේකට රැවටෙන තරුණ තරුණියන්ව නොමග යැවිමට ඉඩ දෙන්න එපා කියලා මම ඉල්ලනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button