දේශීය

මෙරට අන්තවාදී කටයුතු සිදුකරන තවත් ඉස්ලාම් සංවිධාන පහක්

මෙරට අන්තවාදී කටයුතු සිදුකරන තවත් ඉස්ලාම් සංවිධාන පහක් සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු හෙළිකරගෙන තිබෙන බව සදහන්.

පාස්කු ඉරිදා දින ජාතික තව්හිද් ජමාත් සංවිධානය (NTJ) රට පුරා ස්ථාන 08කට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව එම සංවිධානය හා ජමාතෙයි ඊබ්‍රාහිම් ෆිසෙයිලාන් (JMI) යන සංවිධානය ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කළා.

බුද්ධි අංශ තොරතුරු හෙළිකරගෙන තිබෙන තොරතුරු අනුව මෙලෙස තහනම් කල සංවිධාන වලට අමතරව සමස්ත ලංකා තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, ඉස්ලාම් රිසර්ච් ඕර්ගනයිසේෂන්, ජමාත් ඉස්ලාම් යන සංවිධානද අන්තවාදී ලෙස කටයුතු කරන බවට අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම සංවිධාන වලින් වැඩි පිරිසක් අරාබි සම්භවයක් සහිත සුන්ති මුස්ලිම්වරුන් වන බවත් ඉන් සියයට දෙකක් තව්හිද් ජමාත් (සෞදි හා ඉන්දියානු) සංවිධානයට අයත්වූවන් බවද බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button