දේශීය

රට පුරා පුපුරන ද්‍රව්‍ය බෙදා හැරීම මුස්ලිම් පවුල් හතරක් අතේ

පුපුරන ද්‍රව්‍ය ​බෙදාහැරීමේ වගකීම මුස්ලිම් ජාතිකයින්ගේ එකම පවුල් තුන හතරකට සීමාවී තිබීම සහ ඒ පිළිබඳ පසුවිපරම් නොකිරීම නිසා පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අවශ්‍යතාවන්ගෙන් පරිබාහිර කටයුතුවලට යොදවා ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තාවේ.

ආරක්ෂක අමාත්‍යාංශය මගින් ටෙන්ඩර් කැඳ වූ පුපුරන දව්‍ය දිස්ත්‍රික් ගබඩා නියෝජිත තනතුර ලබා දෙන අතර ගල්වළවල් සඳහා පුපුරන ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සිදුවන්නේ නාවික හමුදාවේ අධීකෂණය යටතේ සිදුවෙයි. ඒවා දිස්ත්‍රික් නියෝජිතයින්ගේ ගබඩාවලට ලබාදීම සිදුකරන්නේ දිස්ත්‍රික් සහකාර පුපුරන ද්‍රව්‍ය පාලකගේ අධීක්ෂණය යටතේය.

මහනුවර, නුවරඑළිය හා ගම්පහ යන දිස්ත්‍රික්කවල නියෝජිතයා එකම පුද්ගලයකු වන අතර ඔහුගේ සහෝදරයා මාතලේ දිස්ත්‍රික් නියෝජිත ලෙසත් ඔහුගේ පුත්‍රයා ත්‍රිකුණාමලය හා මඩකළපුව දිස්ත්‍රික් නියෝජිත ලෙසත් කටයුතු කරයි. ඊට අමතරව ඔවුන්ගේ තවත් ඥාතියෙක් අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික් නියෝජිත ලෙස කටයුතු කරයි. තවත් ඥාතියෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජිත වන්නේද ඔවුන්ගේ තවත් ඥාතියෙකි.

බලපත් සහිත ගල්වළවල් සඳහා පුපුරන ද්‍රව්‍ය අවසර පත්‍ර ලබාගත් පසු දිස්ත්‍රික් සහකාර පුපුරන ද්‍රව්‍ය පාලකගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම්වරයා පුපුරණ ද්‍රව්‍ය නිකුත් කරයි. මීට පෙර සතියකට පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් නිකුත් කළ අතර පසුගිය කාලයේ එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 25 දක්වා වැඩි කර ඇත.

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට රටපුරා පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී මුදල් ගෙවා ලබා ගත් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඒවා ප්‍රවාහනය කරන අතර එයද නිසි ක්‍රමවේදයක් මත සිදු නොවන බවට තොරතුරු වාර්තාවේ. එසේ පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරන විට අතරමගදී ඒවා වෙනත් පුද්ගලයන් අතට පත්වීමේ ඉඩකඩ ඇති බවට බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබේ.

මීට අමතරව ගල්වළවල් සඳහා නිකුත් කරනු ලබන වෙඩි බෙහෙත් අධීක්ෂණය සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති බවද වාර්තා වෙයි. මේ නිසා චයිනා කරල්, වෝටර් ජෙල්, ඇමෝනියම් නයිට්​ෙට්‍ර්ට්, සේවා නුල්, කඵ වෙඩි බෙහෙත්, ඉලෙක්ට්‍රික් හා සාමාන්‍ය කැප් ලෙස හඳුන්වනු ලබන පුපුරන ද්‍රව්‍ය ඉතා අඩු මුදලකට එම ස්ථානවලින් ලබා ගැනීමේ හැකියාව පවතින බව ආරක්ෂක අංශ වෙත වාර්තාවී ඇත.

නිතී විරෝධීව මසුන් මැරීම සඳහා යොදා ගන්නා පුපුරන ද්‍රව්‍ය කරලක් රුපියල් දහසක මිලකට අලෙවි කෙරෙන බව අනාවරණය වෙයි. පසුගිය දින කිහිපයේ රටපුරා සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලින් හා අක්කරේපත්තුව, සමන්තුරේ ආදී ප්‍රදේශවලින් සොයාගත් පුපරන ද්‍රව්‍ය බොහොමයක් ගල්වළවල්වලට නිකුත් කරනු ලබන පුපරන ද්‍රව්‍යවලට සමාන බවද කියයි.

රටපුරා ගල්වළවල් හාරදහසකට ආසන්න ප්‍රමාණයක් ඇති අතර ඉන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාකාරිත්වයේ පවතියි. වැඩිම ගල්වළවල් ප්‍රමාණයක් පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේය. මේ සම්බන්ධයෙන් ආරක්ෂක ආමාත්‍යංශයේ පුපුරන ද්‍රව්‍ය පාලන අංශයෙන් කළ විමසීමේදී එහි ඉහළ නිලධාරියකු පැවසුවේ ගල්වළවල්වලට පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීමට පෙර ප්‍රවාහනයේදී, බෙදාහැරීමේදී සියලු අංශයන් අධීක්ෂණය වුවත් ගල්වළවල්වලට නිකුත් කිරීමේදී ඒ සම්බන්ධයෙන් පසුවිපරමක් සිදු නොවීම නිසා ගැටලු සහගත තත්ත්වයක් ඇති බවයි.


දෙරණ අරුණ ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button