දේශීය

තවුහිද් ජමාත් බෝම්බ විශේෂඥයා සොයා ගනියි

මීගමුව කටුවපිටිය පල්ලියේදී බෝම්බය පුපුරුවා විශාල මිනිස් ජීවිත ගණනක් විනාශ කළ වාලච්චේන පදිංචිකරුවකු වූ අච්චි මොහොම්මදු හස්තුන් නැමැත්තා ජාතික තවුහිද් ජමාත් (NTJ) සංවිධානයේ ප්‍රධාන බෝම්බ විශේෂඥයා බව මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබේ.

එම පරීක්ෂණවල තොරතුරු අනුව ඔහු විදේශීය අවි පුහුණුව ලද්දෙකි.

ඔහුගේ බිරිය සාරා නැමැත්තිය සයින්දුමර්දු පිපිරීමකින් මියගොස් තිබේ. ඔවුන් ඒ.එච්.සී පාර වාලච්චේන ලිපිනයේ පදිංචිව සිට ඇත.

මොවුන්ගේ මෙම ප්‍රහාරක කටයුතු සඳහා අවශ්‍ය කරන සියලු මුදල් සපයා ඇත්තේ දෙමටගොඩ ඊබ්‍රාහිම් පවුලේ අය විසින් බව තහවුරු වී ඇත.

සෞදියේ ISIS ගිණුමට ප්‍රහාරයට පෙර සල්ලි වැටිලා.

පාස්කු ප්‍රහාරයට පෙර අයි.එස්. සංවිධානය මගින් ගිණුම් පවත්වාගෙන යන සෞදියේ බිට්කොයින්ස් ගිණුමට විශාල මුදලක් වැටී ඇති බව ඊශ්‍රාල් වයිට්ස්ට්‍රීම් නම් බුද්ධි සේවාව හෙළි කර ඇත. බිට්කොයින්ස් ගිණුම යනු අයි.එස්. සංවිධානයේ නිල ගිණුම බවද සඳහන් වේ.

ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක් තිබූ ගිණුම ප්‍රහාරයට පෙර එකවරම ඩොලර් මිලියන 4.5 දක්වා ඉහළ ගොස් ඇත.

එහෙත් එය ප්‍රහාරය සිදුවන දිනය වනවිට නැවතත් ඩොලර් ලක්ෂ 5 දක්වා පහළ වැටී ඇත.

ඒ පෙර මුදල් ප්‍රමාණයම වන අතර එය මාස 09ක සිට පවත්වාගෙන යන මුදල බව සඳහන් වේ. කෙසේ වෙතත් මේ ගැන තවත් තොරතුරු හෙළිකරන එරට බුද්ධි අංශ පවසා ඇත්තේ එම ගනුදෙනුව කැනඩාවට අයත් දූපතක පිහිටි සමාගමක් හරහා සිදුව ඇති බවය.

මේ සියල්ල ඊශ්‍රායල ව්‍යාපාරික පුවත්පතක් හරහා හෙළිදරව් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button