විශේෂාංග

රිශාඩ් බදියුදීන් සමඟ හිරු TV සලකුණ නරඹා කලකිරිමට පත් වූයෙමි

රිශාඩ් බදියුදීන් නැමති තක්කඩියා පිළිබද මට හිරු ටීවී නරඹා අමුතුවෙන් පත් වන්නට කලකිරීමක් නැත.. ඌ කාලකන්නි හාල්පාරුවෙකු බව මොන්ටිසෝරි බබෙක්ගෙන් ඇහුවත් කියන තරමට අපි හැමෝම දන්නා කාරණයකි!!

මා කලකිරීමට පත් වුයේ ලංකාවෙ මාධ්‍ය භාවිතය පිලිබඳවය. ප්‍රසිද්ධ මාද්‍යක හැසිරෙන හැටි නොදැන සංයමයෙන් යමක් ප්‍රශ්න කරන ආකාරයවත් නොදැන ඔහේ උඩ පනින රංගන, සුදේව සහ අනිකා දැක මට අප්පිරිය සිතුනි.

මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්තුමා සහභාගි වු වැඩ සටහනෙත් ඔවුන් මේ අසික්කිත හැසිරීමම ප්‍රකට කොට එතුමාගෙන් කණ පිරෙන්න අසාගත්තාට පසුවත් මේ තුන්දෙනා මාධ්‍ය භාවිතය ගැන පාඩමක් ඉගෙනගන්නට ඇති බව මට හිතුනි.

යමෙක්ගෙන් ප්‍රශ්න කර යමක් එළියට ගත යුත්තේ සංයමයෙන් හා කල්පනාකාරිව මොලයක් ඇතිවය.

CID එකේ හතරවෙනි තට්ටුව තිබෙන්නෙ හිරු ටීවී මැදිරියේ නොවේ. එවන් තැනකදිවත් මේ ආකාරයෙන් ගිරිය පුප්පාගෙන බොරුවට රඟන බවක් මා අසා හෝ දැක නැත.

හිතවත් රංගන හෝ සුදේව හෝ එවන් මාධ්‍ය සාකච්ජා මෙහෙයවන මිතුරනි,

මා ප්‍රේක්ශකයෙකු ලෙස මට පෙනෙන දේ ඔබට කියමි.

ඔබ ඉදිරියේ සිටින්නෙ රිශාඩ් බදියුදීන් නොව වේලුපිල්ලෙ ප්‍රභාකරන් වූවත්, ඔසාමා බින් ලාඩන් හෝ සහරාන් හශිම් වූවත්

ඔබ හැසිරිය යුත්තෙ මහත්මයෙකු ලෙස විනා තවත් එක් ත්‍රස්තවාදියෙකු ලෙස නොවේ. උන්ගෙ සහ අපේ වෙනස මිනිස්සුන්ට පෙනෙන්නෙ එවිටය!!

මීට වඩා සංයමෙන් ඔබේ කට හසුරුවා ගත්තා නම් ඇතැම් කාරනා හිමීට එළියට අරන් සනාථ කරගන්නට තිබුනි..

නමුත් ඔබ තිදෙනා තරඟයට මෙන් කෑගැසුවෝය.. එකක් ඉවර වෙන්නට නොදි ඒකට උත්තර ලැබෙන්නටත් පෙර තවත් ප්‍රශ්න අසමින් හෙන ඝෝශාවක් ඇති කලෝය..

උසාවියක විත්ති කූඩුවට නංවන අපරාධ කරුවෙක්ට වූවත් තම නිදහසට කරුණු කීමට අවස්ථාවක් තිබිය යුතුමය.

ඔවුන්ගෙ නිදහසට කරුණු අප විසින් විශ්වාස කරනවාද නැද්ද යන්න වෙනම කාරණයකි!!

නමුත් මාධ්‍යවේදියාගෙ භූමිකාව වරකා මදුළකින් කොස් ඇටය එලියට ගන්නාක්මෙන් පරිස්සමට හීන් සිරූවෙ යමෙක්ගෙන් දැනගත යුත්ත එළියට ගැනීම විනා දඩ බල්ලන් මෙන් කෑගැසීම නොවේ..

සාකච්ඡාව ආරම්භයේදිම ජජ්මෙන්ටල් නොවිය යුතුය.. අගතිගාමි නොවිය යුතුය.. අගතිගාමි ලෙසම සාකච්ඡාවකට පිවීසිමේදි ඔබ කරන්නෙ ඔබේ සිතෙහි මුල පටන් ඇති දෑ සනාථ කිරිමට දත කෑම විනා අන් යමක් නොවේ..

අනෙක් අතට ඔබ ඉටු කල යුත්තේ මාධ්‍යවේදී භූමිකාව මිස උසාවියක ක්‍රියාපටිපාටිය නොවේ..

මාධ්‍යකරුවා නිතරම උපේක්ශාසහගත සහ සංයමයෙන් යුක්ත විශක්චණශීලි අයෙක් විය යුතුය.. ඔහු ඉඩදිය යුත්තේ තර්කයන්ටය..

තාර්කිකත්වය යනු උඩ පැනගෙන මාධ්‍ය සාකච්චවට වාඩි වූ අයෙක්ගෙ බෙල්ල මත හිඳ ගැනීම නොවේ.. ගිරිය පිප්පිම නොවේ..

සුදේව සහ රංගන මාධ්‍ය මැදිරියක් ශාන්ත ජෝන් මාළු කඩයෙන් වෙන්කොට හඳුනා ගැනීමෙි පාඨමාලවක්වත් කරන්නේ නම් හොඳ යැයි සිතමි!!

මෙහිදී මා රිශාඩ්ට සුදු හුණු ගෑවා නොව අමු කැවුණු මාධ්‍යකරුවන් ගැන කතා කලා පමණක් බව සලකන්න…. !!


චාන්‍යා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button