සමාජ

දීපානි සිල්වාට ගල් ගසන්නට එන්න !

සමස්ත ප්‍රකාශය අසා; කියවා අවසාන වී දීපානි සිල්වාට ගල් ගසන්නට එන්න !

දීපානි සිල්වා රංගවේදිනිය විසින් කළා යැයි කියන ප්‍රකාශයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා තුළ කතා බහට ලක් වී ඇති අතර ෆේස්බුක් පේජ් ඇටිකිච්චන්; තමාට රිසි පරිදි ඒ ප්‍රකාශය අර්ථ ගන්වමින්; දීපානි සිල්වා නාට්‍ය වල රඟ පෑ මෙහෙකාර චරිත ඔස්සේ ඇයව මැන බලමින්; අපහාස කරමින් සිටී.

මෙහෙකාරියකගේ චරිත රඟ පෑ නිළියකට දේශපාලනික හෝ සමාජයීය මතයක් නියෝජනය කරන්නට අවසර නැති නම් මහජන ඡන්දයෙන් උපේක්ෂා ස්වර්ණමාලිනී පාර්ලිමේන්තු යන්නේත්; අනර්කලී ආකර්ෂා පළාත් සභාවට යන්නේත් කෙසේදැයි විමසිය යුතුම ය.

වීඩියෝව ඇහැට නොදැක; පේජ් වල ලණු කා පොල් ලෙලි පිටින් පහරන විද්වතුනි; ඔබට වීඩියෝ පෙනෙන්නේ නැත්නම් ඒ සම්පූර්ණ ප්‍රකාශය මෙසේ ලියා තබමි. සමස්ත ප්‍රකාශය අසා; කියවා අවසාන වී දීපානි සිල්වාට ගල් ගසන්නට එන්න !

දීපානි සිල්වාගේ ප්‍රකාශය :

කොයි වගේ ජන කොටස් ද මේවයින් නැතිවෙන්නේ ? මුස්ලිම් වෙන්න පුළුවන් – ඒ අපේ දරුවෝ.
ඇයි ඒ දරුවෝ නැතිවෙන්නේ ? ඒ දරුවෝ නිකං දරුවෝ ද ? නෑ. හොඳ උගත් දරුවෝ.
ඔවුන් ඇයි මේ වගේ දේවල් වලට එහෙනම් පෙළඹුණේ ? අන්න එතනයි හොයන්න ඕනේ.
එහෙමනම් මෙතන කොහේ හරි වැරැද්දක් තියෙනවා.
ආගමික අන්තවාදී කොටස්වලින් එන දෙයක්.
එහෙනම් තවදුරටත් අපිට මේ ආගම්වාදය; ජාතිවාදය අපිට අවශ්‍ය නෑ.


සහන් කසීර වික්‍රමසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button