දේශීය

ආණ්ඩුවේ වැඩ නිසා facebook නැත්තටම නැතිවන ලකුණු

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකිකාව වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බවට තොරතුරු ලැබි ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.

තවදුරටත් මෙලෙස සමාජ මාධ්‍ය අඩවි මෙරට තුල වාරණයකට ලක්වීම අන්රටවල් ද ආදර්ශයට ගතහැකි හෙයින් එය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සමාගම්වල කිර්ති නාමයන්ට ද කැළලක් වන බැවින් මෙම අවදානම පවතින බව සමුහය පෙන්වා දෙයි.

රජයක් විසින් සිදුකළ යුත්තේ අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා යැයි කියා සමාජ මාධ්‍ය වාරණය කිරීම නොව සමාජ මාධ්‍ය ජාල අඩවි සමාජයේ යහපත උදෙසා යොදාගන්නා ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම බවද එම සමුහය වැඩිදුරටත් සඳහන් කරයි.


මනෝජ් හර්ෂික

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button