දේශීය

පන්සල් 50කට පහර දෙන්න සූදානමක්…. තොරතුරු මා සතුයි….

ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරී තැන

රට පුරා පන්සල් පනහකට පමණ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට කටයුතු සංවිධානය කර ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරී තැන සඳහන් කරති.

අද හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙනවිත් ආපසු බන්ධනාගාරයට රැගෙන එන අවස්ථාවේ එම චීවරධාරී තැන විසින් මේ බව හෙළි කරන ලදී.

මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් තොරතුරු උවමනා නම් තමන් මුණගැසීමට බන්ධනාගාරයට එන ලෙසද කී චීවරධාරී තැන ඉදිරි කාලයේ ආරක්ෂාව තහවුරු වනතුරු වෙසක් පොසොන් උත්සව කිසිවක් පන්සල්වල නොපවත්වන ලෙස ද ඉල්ලා සිටියේය.

ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරී තැන උසාවියට අපහාස කරන ලද වරද යටතේ මේ වන විට වසර හයක සිර දඬුවම් විඳිමින් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button