දේශීය

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන රටට ඇත්ත කියූ නෙත් නිවුස් වෙබ් අඩවිය වාරණය කෙරේ

ත්‍රස්ත ප්‍රහාරයන් එල්ල කිරීම සඳහා බෝම්බ නිෂ්පාදනය කරන ලද රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ අනුග්‍රහය මත ඔහුගේ අමාත්‍යාංශය හරහා විවෘත කරන ලද ත්‍රස්ත ප්‍රහාරයන්ට සම්බන්ධ පුද්ගලයෙකුට අයත් ව තිබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අබලි කේබල් තොගයක් නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලබා දී ඇති බවට පුවතක් පළ වීමෙන් මිනිත්තු කිහිපයකට පසු මෙසේ එම වෙබ් අඩවි දැනුම් දීමකින් තොර ව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් වාරණය කර ඇත.

මේ සදහා කිසිඳු හේතුවක් ජනමාධ්‍ය අමාත්‍යංශය හෝ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් තවමත් Neth Fm ආයතනයට දන්වා නොමැත. ශ්‍රී ලංකාවේ ජාතික නාළිකාවකට අයත් පුවත් වෙබ් අඩවියක් වාරණය කිරීම බරපතල කටයුත්තක් වුවද වගකිවයුතු බලධාරීන් විසින් ඒ පිළිබඳව කිසිදු නිවේදනයක්ද නිකුත් කර නැත.

මේ පිළිබඳව Neth Fm ආයතනය විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවෙන් විමසීමක් කළ අතර එම ආයතනය පවසන්නේ සිය ආයතනය ඒ පිළිබඳව කිසිඳු දැනුවත්භාවයක් නොමැති බවයි. මෙම වාරණය පිළිබඳව Neth Fm ආයතනය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් විමසීමක් කළ අතර එම ආයතනය තවමත් ඒ සදහා පිළිතුරක් ලබා දී නැත. නෙත් ගොසිප් වෙබ් අඩවියද මෙලෙසින් වරණයට ලක්ව තිබේ.

කෙසේ වෙතත් මෙලෙසින් පුවත් වෙබ් අඩවියක් සාධාරණ හේතු දැක්වීමකින් තොරව අවහිර කිරීම මෙරට මාධ්‍ය නිදහසට එල්ල වූ බරපතල තර්ජනයක් ලෙසටත්, පුරවැසි අයිතිවාසිකම් කඩවීමක් ලෙසටත් සැළකිය හැක.

මෙම වාරණය කිරීම දින කිහිපයක් තිබුණු අතර, මේ මොහොත වනවිට වාරණය ඉවත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button