දේශීය

ISIS ත්‍රස්තවාදීන් ලංකාවේ කරපු පළමු ප්‍රහාරය හෙළි වෙයි

මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේදී පසුගිය නොවැම්බර් මස 30 වැනිදා සැක කටයුතු ලෙස මිය ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සහ පසුගියදා කබීර් හෂීම් අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකුට මාරාන්තික ලෙස පහර දීම සිදුකර තිබුණේ පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ මෙහෙයවීමෙන් බවට මේ වන විට අනාවරණ වී තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව හෙළිදරව් වී ඇත.

ඒ අනුව උක්ත අපරාධයන්ට සම්බන්ධ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම අපරාධයන්ට යොදා ගත් ගිනි අවියද සොයා ගෙන තිබේ.

වව්නතිව්හි පැවැත් වීමට සුදානම් වු මහවිරු සැමරුමට අදාළව පාන්ඩිඅඩි LTTE සොහොනේ සිදු කළ සැරසිලි ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබු අතර ඊට පළිගැනීමක් ලෙස පොලිස් නිලධාරීන්ගේ ඝාතනය සිදු කළේයද යන පිළිබඳ ආරම්භයේදී සැක පළ කෙරිණි.

කබීර් හෂීම් අමාත්‍යවරයාගේ ලේකම්වරයාට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී තිබුණේ අන්තවාදී කණ්ඩායමක් විසින් මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩාදැමීමේ සිද්ධියට සමගාමීවය.

කෙසේවෙතත් දැන් මෙකී අපරාධ සහරාන් හෂීම් විසින් මෙහෙය වූ ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රියා බවට අනාවරණ වෙමින් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button