දේශීය

හේමසිරිට වෙන තනතුරක්

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එම තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ඔහුට වෙනත් තනතුරක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් බව වාර්තා වේ.

මේ ආකාරයට ජනාධිපතිවරයා හේමසිරි ප්‍රනාන්දු මහතාට පොරොන්දු වී ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳ වාර්තා ජනාධිපතිවරයාද දැනසිටි බවට ප්‍රනාන්දු මහතා පැවසුවහොත් ඇතිවිය හැකි තත්වය පිළිබඳව සැලකිල්ලට ගනිමින්ය.

මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයේ වගකීමෙන් තමා බේරීම සඳහා ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට එම තනතුරුවලින් ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දී තිබේ.

එසේ වුවද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉවත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට ඇත. ජනාධිපතිවරයාට නැත්තේ පොලිස්පතිවරයා ඉවත් කිරීමේ බලය පමණය. පොලිස්පතිවරයා ඉල්ලා අස්වීමෙන් හෝ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් පොලිස්පතිවරයා ඉවත් කිරීම කළ හැකිය. ඊට හේතුව පොලිස්පතිවරයා පත්කිරීම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා සිදුකිරීමය.

කෙසේ වෙතත් මේ වනවිට වැඩ බලන ආරක්ෂක ලේකම්වරයා ලෙස ජේෂ්ඨ පරිපාලන නිලධාරියකු වන තුසිත වනිගසිංහ මහතා පත්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button