දේශීය

පිපිරීම ගැන දැනගෙන හිටියා…. මෙච්චර ලොකුයි කියලා හිතුවේ නැහැ….

ආරක්ෂක ලේකම් විදෙස් මාධ්‍ය වෙත කළ ප්‍රකාශය

Hemasiri Fernando – තැන්තැන්වල ප්‍රහාර සිදුවෙනවා කියලා අපිට තොරතුරු ආවා. නමුත් මේ තරම් පරිමාණයේ සිදුවීමක් කියලා අපි හිතුවෙ නැහැ. සමහර දේවල් සිදුවෙනවා කියලා අපි දැනගෙන හිටියා. හැබැයි මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. හදිසි නීතිය නැහැ. තොරතුරු එකළස් කිරීම පිළිබඳව අපිට යන්න පුළුවන් සීමිත දුරකට විතරයි.

Media – ඇයි සියලු දේවස්ථාන ආරක්ෂා නොකළේ ?

Hemasiri Fernando – අපි අදාළ ආයතන දැනුවත් කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට යුද්ධය තිබුණ කාලේ අපි කවදාවත් හෝටල් ආරක්ෂා කළේ නැහැ. හෝටල්වල ආරක්ෂාව බලාගන්නේ හෝටල් ආරක්ෂක අංශ. ඉදිරියටත් අපි හෝටල්වල ආරක්ෂාව ගැන බලාගන්නේ නැහැ. එයාලා හම්බකරනවා. ආරක්ෂාව සපයගන්නවා. අපි ඉන්නේ මහජනතාව සහ පොදු දේපල ආරක්ෂා කරන්න.

Media – ඔයාලට අනතුරු ඇඟවීමක් තිබුණා නම් ඇයි දේවස්ථාන ආරක්ෂා කරන්න බැරිවුණේ?

Hemasiri Fernando – දේවස්ථාන කියලා අපි කොච්චරක් ආරක්ෂා කරන්නද? හැබැයි අපි දැනුවත් කළා. ඒත් අපි කවදාවත් මෙච්චර බරපතල ප්‍රහාරයක් බලාපොරොත්තු වුණේ නැහැ.

Media – මොනවද ඔයාලගේ බුද්ධි අංශය අනතුරු අඟවමින් කිව්වේ?

Hemasiri Fernando – පොඩි කණ්ඩායමක්,හැබැයි බොහෝ සංවිධානාත්මක බලගතු කණ්ඩායමක් මේ සඳහා වගකිව යුතු බව. සොයාගත් තොරතුරු හෙළි කරන්න බැහැ. තවම විමර්ශන කටයුතු සිදුකරන නිසා. FBI එක අපිට උදව් කරන්න ඇවිත් ඉන්නවා. හෙට ඉන්ටපෝල් එක එනවා. අපි මේකේ පතුලටම හොයනවා මොනවද වුණේ කියලා.


දර්ශන එරංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button