විශේෂාංග

ගරු අග්‍රාමාත්‍යතුමනි, ඇත්ත කියන්න!

● ශ්‍රී ලංකාව සැලසුම් සහගත ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වෙලා දැන් පැය විසිහතරකට කිට්ටුයි. නමුත් ශ්‍රී ලංකා රජය නිල වශයෙන්, ප්‍රහාරයට වගකිවයුතු පාර්ශවය ගැන හෝ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගැන ප්‍රකාශයක් නිකුත් කරලා නෑ.

● රජය නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් නොකිරීමෙන් දිගින් දිගටම හානි වෙමින් පවතින්නේ ශ්‍රී ලංකාවේ කීර්ති නාමයටයි. මෙය ශ්‍රී ලංකාවේ බහුතර සිංහල බෞද්ධ ජාතිය මගින් සුලුතර ජනතාව මත ඇතිකල ‘පීඩනය පුපුරා යාමක්’ බව සමහර ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කරනවා.

● මෙම ප්‍රහාරයන් වලට සැකපිට අත්අඩංගුවට පත්වී ඇති පුද්ගලයන් අතර මුස්ලිම් නොවන ‘සිංහල සහ දෙමළ’ ජාතිකයන් සිටින බවත්, මෙවැනි ප්‍රහාර නිතරම ශ්‍රී ලංකාව තුල සිදුවන බවත් පවසන ‘ව්‍යාජ ට්විටර් ගිණුම් ව්‍යාපාරයක්’ ශ්‍රී ලංකාව ඇතුලතින්ම ක්‍රියාත්මක වෙනවා. රජයේ සමාජ මාධ්‍ය වාරණය බලපා ඇත්තේ අහිංසක සාමාන්‍ය ජනතාවට පමණයි.

● පසුගියදා නවසීලන්තයේදී සිදුවුන ත්‍රස්ත ප්‍රහාරය වෙලා පැය දෙකක් යන්නට මත්තෙන් ත්‍රස්තවාදියා පිළිබඳව සියළු තොරතුරු ජනමාධ්‍ය වෙත නිකුත් වුණා. එවැනි ක්ෂණික ප්‍රතිචාරයක් අපේ රජයයෙන් නොලැබුණ නිසා ‘විවිධ ඩයස්පෝරාවන්ට සම්බන්ධ පිරිස’ පවසන්නේ ‘සිංහල රජය’ විසින් ගැටුමට සම්බන්ධ සිංහල ජාතිකයන් නිර්දෝෂී කිරීමේ උත්සාහයක නිරත වන බවයි.

● මෙලෙස දිගින් දිගටම ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට පහර වැදීම නිසා හානිකර වන්නේ කතෝලික රටවල් සහ අපේ රට අතර පවතින් බැඳීමටයි. අපට ලැබෙන වෙළෙඳ සහන වලට, කතෝලික රාජ්‍යයන්ගෙන් අපට ලැබෙන ආධාර වලට සහ කතෝලික රටවල් වලින් අපට ලැබෙන ණය සහන වලට, මේ ව්‍යාජ ප්‍රවෘත්ති මගින් බලපෑමක් එල්ල වෙනවා.

● මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන තොරතුරු හෙලි කිරීමෙන් ජනතාව අතර කලබලයක් ඇතිවන්නට කිසිඳු ඉඩක් නැහැ. ජනතාව මේ වනවිටත් ප්‍රහාරකයන් පිළිබඳව දන්නවා. එවැනි උණුසුමක් ඇතිවන්නට ඉඩ තිබුණ කාල සීමාව පවා දැන් ඉවර වෙලා.

● අතිශය ශක්තිමත් ත්‍රිවිධ හමුදාවක්, රටපුරා විසිරුණු පොලිසියක් පවතින රටක කලබල ඇතිවෙන බව කියමින් තොරතුරු සැඟවීම විහිළුවක්. කලබල ඇතිවෙන බව කියමින් සමාජ මාධ්‍ය වාරණය කිරීම විහිලුවක්.

● රජය අතිශය සූක්ෂම ලෙස තමන්ට එරෙහිව ජනතාව තුල පවතින විරෝධය පාලනය කරමින් ඉන්නවා. තමන්ගේ සුළු ජාතික ඡන්ද පදනමට සිදුවිය හැකි හානිය ගැන සිතමින් ඉන්නවා.

● බල ලෝභය වෙනුවෙන් මගේ මාතෘ භූමියට මේ හානිය කරන්න එපා! කරුණාකර ඇත්ත කියන්න! සත්‍ය තත්ත්වය ලෝකයට හෙලිදරව් කර ගෞරවාන්විතව දේශපාලනයට සමුදෙන්න!


උපුටා ගැනීමකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button