දේශීය

“අපරාධකරුවන් හඳුනාගෙන තියෙන්නේ….”

- ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන

“අපේ රටේ ක්‍රියාත්මක ඕනෑම අන්තවාදී කණ්ඩායමකට එරෙහිව අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව” ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසයි.

“මේ අන්තවාදී කණ්ඩායම්වලට ක්‍රියාත්මක වීම සඳහා හෝ පසුගිය දින කිහිපය තුළ ඔවුන් කළ දෑ කිරීමට අප කිසිඳු ලෙසකින් හෝ ඉඩ තබන්නේ නැහැ. අප අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඔවුන් කුමන ආගමික අන්තවාදයක් අනුගමනය කළත් අප ඔවුන් ලුහුබඳිනවා. අප ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා වගේම මේ රටේ ඔවුන් ක්‍රියාත්මක වීම නවතා දමනවා. මේ වන විට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, පොලිසිය සහ ආරක්ෂක හමුදා විමර්ශන සිදු කරමින් සිටිනවා. මේ අවාසනාවන්ත ත්‍රස්තවාදී සිදුවීමට සම්බන්ධ සියලුම අපරාධකරුවන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නවා. ඔවුන් කවුරුන්දැයි හඳුනා ගෙන තිබෙනවා.”

යනුවෙන් ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button