දේශීය

ෂැන්ග්‍රීලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදීනි ශාන්තා මායාදුන්නේ සහ ඇයගේ දියණිය ජීවිතක්ෂයට

අද (21) උදෑසන කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මායාදුන්නේ මහත්මියගේ බාල දියණිය ඕස්ට්‍රේලියාවේ සිට පැමිණීමෙන් පසු ෂැන්ග්‍රිලා හෝටලයේදී උත්සවයකට සහභාගී වෙමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර කොළඹ නගරයේ, මිගමුව කටුපිටිය සහ මඩකලපුව ප්‍රදේශයේ සිදුව ඇති පිපිරීම් වලින් මේ වන විට මියගිය සංඛ්‍යාව 150 කට අධික බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

අනතුරට මුහුණ දීමට පෙර  ශාන්තා මායාදුන්නේ මහත්මියගේ දියණිය සිය ෆේස්බුක් ගිණුමේ ඡායාරූපයක්ද පලකර තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button