දේශීය

යාපනයේ කෝවිල් උත්සවයක LTTE මහවිරු ගීත වාදනය කරයි

යාපනය-වැල්වැටිතුරෙයි මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික පූජා උත්සවයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහවිරු ගීත සංගීත කොටස් වාදනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති.

වාර්තා වන්නේ කෝවිලේ වාර්ෂික පූජා උත්සවය පැවැත්වු කාලසීමාවේ, අවස්ථා කිහිපයදී එල්.ටී.ටී.ඊ ගීත‍ කොටස් එලෙස වාදනය කොට ඇති බවයි.

මෙම මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික පූජාව පවසත්වා ඇත්තේ පෙරේදා (19) රාත්‍රීයේයි.

සිද්ධිය සම්බන්ධයෙන් කෝවිලේ පාලක සභාවේ නිළධාරීන්ගේන් ආරක්ෂක අංශ සිදුකළ විමසීමකදී කෝවිලේ පාලක සභාව පවසා ඇත්තේ වැරදීමකින් අදාළ ගීත කොටස් වාදනය වී ඇති බවයි.

එල් ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්ගම වන්නේ වැල්වැටිතුරෙයි ප්‍රදේශයයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button