විදේශීය

ශ්‍රි ලංකාවේ ප්‍රහාර ගැන ශුද්ධෝත්තම පියතුමන් ශෝකය පල කරයි

පුද්ගලයන් 200 කට අධික පිරිසක් මරණයට පත්කරමින් සහ තවත් 400කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් ශ්‍රී ලංකාවේ දෙව්මැදුරු තුනක සහ තවත් ස්ථාන කිහිපයක සිදු වූ ප්‍රහාර පිළිබඳව ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ශෝකය පළකර සිටිනවා.

“යාච්ඥා කිරීමට එක්රැස්ව සිටියදී තුවාල කරන ලද ශ්‍රී ලංකාවේ කිතුනු පවුලේ සියලුම සමාජිකයන් සමග ද එම කුරිරු ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වූ සියලු දෙනා සමග ද මම මගේ මුළු හදවතින්ම සමීප වන බව මගේ හද පත්ලෙන්ම ප්‍රකාශ කරනු කැමැත්තෙමි”.

එතුමා මේ ප්‍රකාශය කලේ සාම්ප්‍රදායික ලෙස පාස්කු ඉරිදා “නගරයට සහ ලෝකයට” ආශීර්වාදය දානය කිරීම සඳහා අද දහවල් සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ සඳලුතලයට පැමිණි අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ කතෝලික සහ කිතුනු දෙව්මැදුරුවලටත් හෝටල් කිහිපයකටත් එල්ල වූ මෙම බහුවිධ ප්‍රහාර නිසා ජනතාව දැඩි ශෝකයටත් සන්තාපයටත් පත්ව ඇති බව ශුද්ධෝත්තම පියතුමන් කියා සිටියා.

“මෙම සිද්ධි වලින් ඉතා ශෝචනීය ලෙස මිය ගිය සියලු දෙනා මම සමිඳුන්ගේ හස්තයට භාර කරමි. එසේම මෙම කනගාටුදායක සිද්ධිවලින් තුවාල ලැබුවාවූ ද ඒ නිසා ශෝකයට හා වේදනාවට පත්ව සිටින්නා වූ සියලුම දෙනා වෙනුවෙන් මම සමිඳුන් ඉදිරියේ යාච්ඥා කරමි” යි ප්‍රන්සිස් ශුද්ධෝත්තම පියතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button