විද්‍යාව

නොත්‍රදාම් දෙව්මැදුර ගින්නෙන් බේරාගෙන තියෙන්නේ රොබෝ කෙනෙක්

ප්‍රංශයේ හදවත ලෙස හඳුන්වන නොත්‍රදාම් දෙව්මැදුර සම්පූර්ණයෙන්ම විනාශ වීම වළක්‌වා ඇත්තේ ක්‌ලොස්‌සන් නැමැති රොබෝ යන්ත්‍රයක් බව විදෙස් මාධ්‍ය පවසනවා.

රාත්තල් 10 ක්‌ බරැති මේ රොබෝ යන්ත්‍රයට ජලය විදීමට මෙන්ම සිදු වී ඇති හානියද නිරීක්‍ෂණය කළ හැකියි.

කැමරා කීපයකින්ද සමන්විත ක්‌ලොස්‌සන් ගින්නට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය වී තිබෙනවා.

මෙම රොබෝ යන්ත්‍රය දුරස්‌ථ පාලකයකින් ක්‍රියාත්මක වන අතර එහි මග පෙන්වීම මත ගිනි නිවන භටයන්ට ගිනිගෙන ඇති ස්‌ථානවලට ජල ප්‍රහාර එල්ල කිරීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

දෙව්මැදුර තුළ ගිනි ගන්නා ස්‌ථාන අතරින් ඉදිරියට ගිය එම රොබෝ යන්ත්‍රය ඉතා සාර්ථකව ස්‌ථාන කීපයක ගිනි ගැනීම් සිය ජල ප්‍රහාරවලින් වලක්‌වා තිබෙනවා.

දිවා සහ රාත්‍රී කාලය තුළද එක සමානව කටයුතු කිරීමේ හැකියාවක්‌ ඇති ක්‌ලොස්‌සන් රොබෝ යන්ත්‍රය ඉතාමත් අනතුරුදායක ස්‌ථානවලට ගොස්‌ සිය රාජකාරිය ඉටු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button