විශේෂාංග

බෙලිඅත්තේ දුම්රියෙන් ඇද වැටුණු පළමු මිනිසා

ඉතින් ගමේ යන්නට අපි ගල්කිස්සෙන් කෝච්ව්යට නැග්ගේ හතයි කාලයට ය. ඇගිල්ලක් ගහන්නට බැරි තරම් සෙනග ය. හැමෝම බලන්නේ කෝච්චියට නගින්නට ය. හැමෝම අවුරුදු සමරන්නට ගමට සුබ සිහින සමග යන්නෝ ය. අමතක වුණා… මං යන්නේ රටේ ශ්‍රේෂ්ඨ දේශපාලකයින්ගේ රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරු බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ දුවන කෝච්චියක ය.

ඇතැම් විට විශාල පිරිසක් කොළඹ සිට ගමට යන බව අමතකවී ද කොහෙද අදාල දුම්රිය නිලධාරීන්ට අමතර පෙට්‍ටි කිහිපයක් එකතු කිරිම මගහැරුණී. ඒ නිසා පොඩි එවුන් ජනේලවලින් තලා පොඩිකර කෝච්චියට ඇතුලට දමන්නට ඇතැම් දෙමව්පියන්ට සිදුවුණී.

පයාගල පහුවුණා පමණී.

“යකෝ ඕක ඇදපන්”

තරුණයෙක් මර හඩ නගමින් කෝච්ව් පෙට්ටියට ගසයි. තිරිංගයට සම්බන්ධ යකඩය ගාව හිටි මිනිසා ආතභූත වීය. පසුව කෝච්ව් පෙට්ටිය පිටුපසින් එකම විලාපයකි. සියලු දෙනා කෑමොර දෙති.

“යකෝ ඕක හයියෙන් ඇදපන්”

“පොන්නයෝ ඕක ඇදපන් හයියෙන්”

“පිරිමියෙක් කොහේහරි ඉන්නවා නම් ඇදපන්”

තිරිංග කම්බිය කෙතරම් ඇද්දත් හෙල්ලුනේ එය නොවේ. අන්තිමට එහි යකඩ ආවරණය ගැලවි පහල අසුනේ සිටි වයසක මවගේ ඔළුවේ වැදුණි. ඇගේ ඔලුව පැලි ලේ ගලයි. පසුව කුණුහරපෙන් කෑ ගැසු තරුණයාගෙන් මුවෙන් නැගුනේ වේදනාත්මක ස්වරයකි.

“අනේ බුදු අයියේ ඕක ඇදපන් හයියෙන්”

අධික තදබදය නිසා පාපුරුවේ උන් තරුණයාගේ මහළු පියා පැයට 80km වේගයෙන් ධාවනය වන කෝච්චියෙන් ඇද වැටි ඇත. මේ වනවිට ඔහු මියගොස් ඇත්නම් බෙලිඅත්ත දුම්රියෙන් වැටි මියගිය පළමු පුද්ගලයා ඔහුය. ආසන, විදුලි පංකා අලුතෙන් දැමු මේ දුම්රියෙන් හෙට තවකෙකු ඇද වැටෙන විට එකි තිරිංග කම්බිය එලසම තියනු ඇත. ඉතින් මම අම්මා,තාත්තා එක්ක අවුරුදු කන්නට ගමට යන කල අර තරුණයා පියාගේ මලගමට සැරසෙමින් සිටිනු ඇත. මුලින් කම්පනයට පත් සියලු දෙනා දැන් සැපෙනි, ප්‍රිතියෙනි.

ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා..!


අයන්ත යුනේෂ් ප්‍රනාන්දුබෙලිඅත්තේ දුම්රියෙන් ඇද වැටුණු පළමු මිනිසා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button