දේශීය

වැඩිපුර මුදල් ගන්න බස් (කොන්දොස්තරලා) ගැන පැමිණිලි කරන්න දුරකථන අංකයක්

අවුරුදු සමයේ වැඩිපුර මුදල් අය කරන බස් රථ සම්බන්ධයෙන් දැනුම් දීමට දුරකථනය අංක ලබාදීමට පියවර ගෙන තිබේ.

එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි ඇතොත් 1955 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා ජනතාවට දැනුම් දෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලින් වැඩිපුර මුදල් අය කිරීම් සිදුකරන්නේ නම් ඒ පිළිබඳව 011-7555555 හා 077-1056032 දැනුම් දිය හැකි බවයි සභාපති උපාලි මාරසිංහ මහතා පවසන්නේ.

උත්සව සමයත් සමග බස් රථවල වැඩිපුර මුදල් අය කරන බවට මගීන්ගෙන් චෝදනා එල්ල වී තිබීම නිසා මෙම පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button