කලා

අනෙකා වෙත බැඳෙන වියසිදුරු

අප සියලු දෙනා අතර පවතිමින් අපගේ අශිෂ්ටත්වය පාලනය කරන, අප කරන වරද නිරීක්ෂණය කොට දඬුවම් ලබා දෙන අපට නොපෙනෙන නමුත් අප දෙස බලා සිටින තෙවැනි පාර්ශ්වය කුමක් ද?. ඔහු සහ ඇය පමණක් ම දැන සිටිතැයි ඔවුන් විශ්වාස කරන සත්‍ය අනෙකෙකු ද දනී යැයි හදිසියේ ම වැටහී යාමෙන් හිරන්ත (කලන ගුණසේකර) සහ ටානියා (ශලනි තාරුකා) ක්ෂතිමය අත්දැකීමකට මුහුණ දෙයි. මේ හමුවේ පරිකල්පන ලෝකයක අතරමං වන හිරන්ත සහ ටානියා අවසානයේ දී ඔවුනොවුන් ම එහි ගොදුරු බවට පත් වෙයි. අප කොහේ කොතැනක සැඟවී සිටියත් අප සමග අපගේ හෘදසාක්ෂියේ සෙවනැල්ල පවතිනු ඇත. එය අප, අපෙන් පරිබාහිර ලොවට ගැටගසනු ලබන, වියසිදුරයි….

අප කරන කියන දේ සම්මත නීතියේ ඇසින් මඟහැරුණත් මියෙන තුරා ම අප සමඟ රැදෙන සංකේත නීතිය හෙවත් හෘදසාක්ෂියේ නීතියෙන් ගැලවිය නොහැකිය. කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බලන ඉතාමත් ඉතා අහඹු මොහොතක දී සිදුවන එක ම එක වරද උව ඔබට ඔබෙන් හෝ අනෙකාගෙන් මග හැරවිය නොහැකිය. අප තනිව කරනවා යැයි සිතන සියලු දේ සබඳතා ජාලයකට සම්බන්ධ වී පවතියි. මහා අනෙකාට අපව බැඳ තබන, වියසිදුරක්, සහිතව අප මිනිස් සංස්කෘතිය තුළ දෙවන වර ඉපදී ඇත. මව සමග සම්බන්ධයේ සලකුණ අත නොහැරිය හැකිවා සේ ම අප මහා අනෙකාට බැඳ තබන වියසිදුර ද අපට මියෙන තුරාවට ම අත හැරිය නොහැකි ය.

පසුගිය දා කැලණිය විශ්වවිද්‍යාලයේ දී තිරගත කළ වියසිදුරු සිනමාපටය පිළිබදව ලැබුණු විචාරක අදහසක සම්පිණ්ඩනයකි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button