දේශපාලන

“ඉසුර මානසික රෝගියෙක්, ‘ඉසුර විද්‍යාලය’ නම දමන්නැයි බලපෑම් කලා”

මාදිවෙල රාහුල විද්‍යාලයේ නම ‘ඉසුර’ විද්‍යාලය ලෙස වෙනස් කරන්නට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය දැඩි ලෙස බලපෑම් කල බව බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ මහතා පවසයි.

‘ඉසුර විද්‍යාලය’ යයි නම දැමීමට ජනාධිපතිවරයා දැන්වූ බවට මහ ඇමතිවරයා විසින් කල දැනුම් දීම අනුව පාසැල් පරිපාලනය විසින් මෙම නම දමා ඇති බවද ඇමතිවරයා පැවසීය.

තම මුළු කාලයේදීම හමුවූ මානසික රෝගයක් ඇති එකම මහ ඇමතිවරයා ඉසුර දේවප්‍රිය යයිද ඔහු තවදුරටත් සදහන් කලේය.

හොරණ ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම චෝදනාව කළේය.

සමාජ මාධ්‍ය විරෝධයක් :

තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් නමින් නම් කළ පාසලක් බස්නාහිර පළාතේ මහ ඇමති ඉසුර දේවප්‍රියගේ නමින් නම් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ කෝපය පළ වේ.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් ශ්‍රී ලාංකීය ඉතිහාසයට එක් වන්නේ, යති ලකුණු අතික්‍රමණය කළ මහා සෞන්දර්යවාදියෙකු සහ සාහිත්‍යධරයෙකු ලෙසය.

එකී නම ඉවත් කර ඊට මහ ඇමතිවරයාගේ නම යොදා ගැනීමේ පියවර විවේචනයට මෙන්ම හාස්‍යයට ලක් කර සැකසුනු ඇතැම් ඡායාරූප ෆේස්බුක් සමාජ ජාලය තුළ විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී.

ජනතා බදු මුදලින් ඉදි කෙරෙන පොදු දේපලවලට දේශපාලනඥයන්ගේ නම් යොදා නොගත යුතු බව ඊට කෝපය පළ කරන බොහෝ දෙනාගේ මතය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button