දේශපාලන

මේ වසරේ ජනාධිපතිවරණයක් නෑ…. ජනපති ධූර කාලය අවසන් වන්නේ 2020 මැයි

2015 ජනවාරි මස 09 දින සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය ආරම්භ වුව ද, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව එය අවසන් වන්නේ 2020 මැයි මස 15 වැනි දින සිට බව නීති විශාරදයන් විසින් පෙන්වා දේ.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ද ජනාධිපතිවරණයක් පැවැත් විය යුතු නිවැරදිම දිනය කුමක් ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට තීරණය කර ඇති බවද ආරංචිමාර්ග සඳහන් කරයි.

එහිදී ජනාධිපතිවරයා විමසීමට බලාපොරොත්තු වන්නේ අදාළ ධූර කාලය පටන් ගන්නේ කවදා ද යන්නයි. එනම් 2015 ජනවාරි 09 වැනි දා සිට ද, එසේ නැතහොත් 2015 මැයි 15 වැනි දා සිට ද යන්නයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 අප්‍රේල් 25 වැනි දා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර, එසේ සම්මත වූ බවට කතානායකවරයා සිය අත්සන සටහන් කර ඇත්තේ 2015 මැයි 15 වැනි දාය. පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත වූ පසු එය බලාත්මක වන්නේ කතානායකවරයා එහි තම සහතිකය සටහන් කළ පසුය.

යම් හෙයකින් ජනාධිපතිවරයාගේ අවුරුදු 05ක ධූර කාලය ආරම්භ වන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත වූ 2015 මැයි 15 වැනි දා සිට නම්, පාර්ලිමේන්තුවේ අවුරුදු හතරහමාරක ධුර කාලය ඉක්ම ගොස්, පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට තමාට බලය ලැබෙන අවස්ථාව දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ධුරයේ සිටිය හැකිය.

වත්මන් පාර්ලිමේන්තුව 2015 සැප්තැම්බර් 01 වැනි දා ආරම්භ වී ඇති අතර එය අවුරුදු හතරහමාරක කාලසීමාව සම්පූර්ණ කරන්නේ 2020 මාර්තු 01 වැනි දාය. එදිනෙන් පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button