දේශීය

ලයිට් මදිවාට වතුරත් දිගටම කපනවාලු

පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් ඉදිරියේදී ජල සැපයුමත් සීමා කිරීමට සිදුවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මණ්ඩලයට අයත් සියලුම ජල මූලාශ්‍රවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහත වැටී ඇති හෙයින් එය ජල සැපයුමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවටයි ඔවුන් අනතුරු හඟවා සිටින්නේ.

එහෙයින් අරපිරිමැස්මෙන් යුතුව ජලය පරිහරණය කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

කෙසේවෙතත් මේ වනවිටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පූර්ව දැනුම් දීමකින් තොරවම දිනකට පැය කිහිපයක් බැගින් ජල සැපයුම් කප්පාදු කෙරෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඉදිරියේදී එය විදුලි කප්පාදුව මෙන් නිල වශයෙන්ම කාල සටහනකට අනුව සිදු කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button