දේශීය

කාබන් බද්දට නාවලපිටියෙනුත් රතු එළියක්

සමස්ථ ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ නාවලපිටිය ශාඛාවේ සාමාජිකයන්ද ඊයේ (02) රටපුරා ක්‍රියාත්මක කාබන් බද්දට එරෙහි විරෝධතාවයට සහය පලකරමින් විරෝධතාවයේ නිරත වුනා. ඒ නාවලපිටිය බේලී පාරෙන් ආරම්භ කල විරෝධතා රථ පෙලපාලිය නාවලපිටිය නගරය අවට සියලු මාර්ගවල බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරතව අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම සංගමයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක එල්.සී.සාමන්ත මහතා පැවසුවේ කාබන් බද්දට එරෙහි මෙම විරෝධතාවයට නිසි විසදුම් ලාබාදීමට රජය අපොහොසත් වුවහොත් රටපුරා සිටින 40000ක පමන පාසල් බස් රථ කර්මාන්තයේ යෙදී සිටින සාමාජිකයන් එකතු කරගනිමින් දැවන්ත විරෝධතාවයකට කොළඹට එකතු වී රජයට බලපෑම් කර හෝ තම ඉල්ලීම් ලබාගැනීමට පසුබට නොවන බවයි.


සානක ගුණසිංහ
ජනයුගය – නාවලපිටිය වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button