දේශීය

සෞදිය අත ළඟ; කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කළැයි ලේඛකයා රිමාන්ඩ්

රචනා කළ කෙටිකතාවක් තුළින් බුද්ධාගමට අපහාස කළේයැයි චෝදනා ලද ලේඛකයකු ඊයේ(01) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි වාර්තා වේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ශක්තික සත්කුමාර නම් ලේඛකයෙකි. නවකතා, කෙටිකතා, කවි සහ විචාර ග්‍රන්ථ ගණනාවක් ඔහු විසින් රචනා කර තිබේ. ඔහු විසින් මෑතකදී රචනා කර, ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයෙහි පළ කළ “අර්ධ” නම් කෙටිකතාව හරහා බුද්ධාගමට අපහාසයක් සිදුව ඇති බවට ප්‍රදේශයේ භික්ෂූන් 20 දෙනෙකු පමණ පිරිසක් කළ පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් ලේඛකයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එහිදී ලේඛකයාව අප්‍රේල් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

අදාළ කෙටිකතාව රචනා කර තිබුණේ උපැවිදි වූ භික්ෂුවකගේ චරිතයක් වටාය.

සාමාන්‍යයෙන් නිර්මාණකරුවන්ට මෙවන් දැඩි ආගමික බලපෑම් එල්ල කෙරෙන්නේ සෞදි අරාබිය, ඉරානය වැනි රටවලය.


Lanka News Web ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button