විශේෂාංග

ශක්තිකට එරෙහි ස්වාමීන් වහන්සේලා වෙත

ශක්තික සත්කුමාරගේ කෙටි කථා ද්වයක් සම්බන්ධයෙන් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුල්ගත්තේ සිරි ජිනානන්ද හිමිගේ නිළ මුද්‍රාව යටතේ පොලිස්පති වරයා වෙත ඉදිරිපත් කළ ලිපියක් බුකියෙහි සැරිසරමින් පවතී.

එ් පිලිබදව අදාළ ස්වාමීන් වහන්සේලා වෙත මේ කරුණු දැනුම් දීමට කැමැත්තෙමි.

ඔබ වහන්සේලා බුද්ධාගමට හා බුදු රජාණන් වහන්සේට මෙම කෙටි කතා තුලින් අපකීර්තියක් වන බව සදහන් කර ඇත්තේ කුමන පදනමකින්දැයි දැන ගැනීමට කැමැත්තෙමි. එ් එහි ඇති භාෂාව හා අදාළ සිදුවීම් රචකයාගේ චින්තනය තුලින් දකින ආකාරය සම්බන්ධයෙන් නම් වරද ඇත්තේ ඔහුගේ නොව ඔබ වහන්සේලා තුළද බව මතක් කිරීමට කැමැත්තේමි. ගගකින් එගොඩව යන ස්වාමීන් වහන්සේ ලා දෙදෙනෙකුගෙන් එක් අයෙක් කාන්තාවක් ගගෙන් එතෙර කිරීම හා එ් ස්වාමීන් වහන්සේලා දෙදෙනා අතර සිදු වන සංවාදය මේ ලිපිය ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේලා හොදින් දන්නවා ඇත. ශක්තිත කෙටි කතාව ලියා ඇත. එහෙත් එය ඔලූවේ දරාගෙන සිටින්නේ මේ ස්වාමීන් වහන්සේලාය.

අනෙක් පැත්තෙන් බුද්ධ පුත‍්‍රයන් යැයි කියමින් සිවුර පොරවාගනිමින් මෙරට ස්වාමීන් වහන්සේලා සිදු කරන අපරාධ සම්බන්ධයෙන් උන් වහන්සේලා නිහඩව සිටින්නේ ඉන් බුදු දහමට කිසිවක් සිදු නොව නිසා වනු ඇත.සමහර ස්වාමීන් වහන්සේලා කාන්තාවන් දූෂණය කරද්දීත්, හොර අඹුවන් ඇසුරු කරද්දීත්, සුරා පානය කරද්දීත් එ් බව දැන දැනත් චීවරයේ නාමයෙන් ගිහියන් ඔවුනට වැඳුම් පිදුම් කරන්නේ ඔබ වහන්සේලාගේ මෙන් එ් ගිහියන්ගේ සිත් දූෂණය වී නොතිබෙන නිසාවෙනි.

මෙරට AIDS රෝගීන්ගේ සැළකිය යුතු පිරිසක් ඔබ වහන්සේලා නොදුටු ස්වාමීන් වහන්සේලා වීමම ඊට කදිම නිදසුනකි.

බුද්ධ ධර්ශනය තුළ විවේචනයන්ට මෙන්ම විචාරයන්ටද ඉඩකඩ ඇති අතර තමන් කැමති දෙයක් ප‍්‍රකාශ කිරීමේ අයිතියක්ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජනතාවට ඇත. එහෙයින් ශක්තික සම්බන්ධයෙන් ඔබ වහන්සේලාට තීරණය කිරීමේ අයිතියක් නැත. පසුගිය දිනෙක මෙරට ප‍්‍රබල ව්‍යාපාරිකයෙක් සිය කතාවකදී සිද්ධාර්ථගේ ආතල් සම්බන්ධයෙන් කතා කරද්දී මේ සුචරිත ස්වාමීන් වහන්සේලා සිටියේ රහත්වී දැයි අපි නොදනිමු. ඇති හැකි තැනදී සැගවෙන්නේත් පොඩි තැනකදී පුප්පන්නේත් නිවටුන් බව අපි දනිමු.

එහෙයින් මේ ස්වාමීන් වහන්සේලාගේන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ඔබ තාප්පවලින් වටවූ ඔබ වහන්සේලාගේ බලතොටුවල සිටි බුදු රදුන් වදාළ අල්පේච්චතාවය ශත පහකට ගණං නොගෙන සියලූ සැප සම්පත් ලබමින් යෙහෙන් වැජඹෙන ලෙස පමණි.


අසංක ධර්මශ්‍රී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button